ලෝක තෙල් මිල එකම දවසේ දෙවෙනි වරටත් උඩුයටිකුරු වෙයි - මීට සුළු මොහොතකට පෙර සති හයකට පසු වාර්තා වූ ඉහළම තෙල් මිල මෙන්න
ලෝක වෙළඳපොළේ බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල තවදුරටත් ඉහළ ගොස් ඇති බව වාර්තා වේ.
ඒ අනුව අද පෙරවරුවේ ඇමෙරිකානු ඩොලර් 92ක් වශයෙන් පැවැති බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල, පසුව ඇමෙරිකානු ඩොලර් 3කින් පමණ ඉහළ යමින් ඇමෙරිකානු ඩොලර් 95 සීමාව දක්වා ළඟා වී ඇති බව සඳහන්.
සති හයකට පසු පළමු වරට බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල ඩොලර් 95 සීමාව මෙසේ අද(22) දින ඉක්මවා ගොස් තිබෙනවා.
එබැවින් තත්‍ය කාලීන වෙළඳපල දත්ත මඟින් පෙන්නුම් කළේ බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක් ඩොලර් 95.19 ක් වශයෙන් වෙළඳාම් වූ අතර එය 4.23% කින් ඉහළ ගොස් ඇත්තේ IST වේලාවෙන් පස්වරු 3:15 ට ය.
එක්සත් ජනපද මිණුම් ලකුණ වන WTI වර්ගයේ බොර තෙල් ද තියුණු ලෙස ඉහළ ගොස් ඇති අතර එය බලශක්ති වෙළඳපොළවල වර්ධනය වන භූ දේශපාලනික අවදානම් වාරික පිළිබිඹු කරන්නක් බව සඳහන්.
කෙසේ වෙතත් එක්සත් ජනපදය හා ඉරානය අතර මිලිටරි ආතතීන් උත්සන්න වීමත් සමඟ මැද පෙරදිගින් තෙල් සැපයුම් බාධාවන් පිළිබඳ කනස්සල්ල ඉහළ යමින් පවතියි.