කොහුවල වෙඩි තැබීම ගැන භයානක හෙලිදරව්වක්

Report

කොහුවල, සරණංකර පාර, බෝධියවත්ත ප්‍රදේශයේ ඊයේ රාත්‍රියේ සිදු වූ වෙඩි තැබීමෙන් 16 හැවිරිදි තරුණිය තුවාල සිදු කිරීමේ සිද්ධිය මෙහෙයවා ඇත්තේ ඩුබායි අවිශ්ක නැමැත්තා බවට පොලිසිය සැක කර ඇත.

ඒ අනුව ඊයේ (30) රාත්‍රියේ යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු මෙම වෙඩි තැබීම සිදුකර පලා ගොස් ඇති අතර වෙඩි වැදීමෙන් තුවාල ලැබූ තරුණිය කළුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇත.

හෙට කාලගුණය දරුණුයි - ජනතාව ප්‍රවේශමෙන්

හෙට කාලගුණය දරුණුයි - ජනතාව ප්‍රවේශමෙන්

වෙඩි තැබූ පසු වෙඩික්කරුවන් පලායන අයුරු සීසීටීවී දර්ශනවල සටහන් වූ අතර වෙඩික්කරුවන්ගේ ඉලක්කය වී ඇත්තේ තුවාල ලැබූ තරුණියගේ මව බවයි පොලිසිය සැකකරයි. වැඩිදුර විමර්ශන මගින් හෙළි වී ඇත්තේ පසුගියදා 22 වැනිදා රාත්‍රියේ ත්‍රිරෝද රථයකින් යමින් සිටි ඩුබායි අවිශ්කගේ ගෝලයෙකු කොහුවල සහ නුගේගොඩ මංසන්ධි අතර ප්‍රදේශයේදී වෙඩි තබා ඝාතනය කළ සිද්ධියට මෙම කාන්තාව ඔත්තු බලා ඇති අතර ඊට පලිගැනීමක් ලෙස මෙම වෙඩි තැබීම සිදුකරන්නට ඇති බවයි.

වෙඩික්කරුවන්ගේ ඉලක්කය වූ කාන්තාව පසුගිය වසර කිහිපය තුළ ඩුබායි අවිශ්කගේ මත්ද්‍රව්‍ය ජාවරම්වලට සම්බන්ධ වී ඇති බවත්, ඊට අදාළ තොරතුරු බඩෝවිට අසංක නමැති සංවිධානාත්මක අපරාධකරුට ලබාදී ඇති බවත් හෙළිවී ඇත.

නාගොඩ රෝහල තුළදී සිදුකළ වෙඩිතැබීමේ තවත් තොරතුරු හෙළිවේ

නාගොඩ රෝහල තුළදී සිදුකළ වෙඩිතැබීමේ තවත් තොරතුරු හෙළිවේ