නාගොඩ රෝහල තුළදී සිදුකළ වෙඩිතැබීමේ තවත් තොරතුරු හෙළිවේ
නාරායනගේ දිලිප් චතුරංග නොහොත් "රජවත්තේ චතුවා" නැමැත්තා කළුතර, නාගොඩ ශික්ෂණ රෝහලේ සිදුකළ වෙඩිතැබීමෙන් තුවා ලබා තිබෙන බව පොලීසිය සදහන් කර තිබේ.
ඒ වගේම ඔහු දෙසැම්බර් 13 වනදා මත්ද්‍රව්‍ය චෝදනාවක් සම්බන්ධයෙන් කළුතර දකුණ පොලීසිය විසින් අත්අඩංගුවට ගත් අයෙකි.
ඔහු ඉන්පසුව කළුතර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි අයෙකු බව වාර්තා වේ .
ඔහු බන්ධනාගාර ගතව සිටියදී ඉකුත් 29 දා බන්ධනාගාර රැඳවියන් පිරිසකගේ පහරදීමකට ලක්වීම හේතුවෙන් පසුව රෝහල් ගතකර තිබෙන බව රෝහල් ප්‍රකාශකයෙක් සඳහන් කර තිබේ.
ඒ වගේම බන්ධනාගාර නිලධාරීන්ගේ ආරක්ෂාව යටතේ කළුතර, නාගොඩ ශික්ෂණ රෝහලේ 14 වාට්ටුවේ පාදයටද මාංචු යොදා නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටියදී අද උදැසන 6.15ට පමණ මෙම පුද්ගලයා වෙඩි ප්‍රහාරයට ලක්ව ඇත.
පොලීසිය සදහන් කළේ නාඳුනන තුවක්කුකරුවෙකු විසින් රොවෝල්වර් වර්ගයේ ගිනිඅවියකින් වෙඩි ප්‍රහාරය එල්ල කර රෝහලේ තාප්පයට උඩින් පැන පලාගොස් ඇති බවට මෙතෙක් කළ පරීක්ෂණවලදී හෙළිව තිබෙන බවයි .
තවද මෙම සිදුවීමේ පරීක්ෂණ සදහා කළුතර අපරාධ කොට්ටාසය, විශේෂ කාර්ය බළකා නිලධාරින් මෙන්ම අපරාධ ස්ථාන පරීක්ෂණාගාර නිලධාරින්ද කැඳවා ඇති බව සදහන් වේ.