නවත්තල තියෙන්නේ විනාඩි දහයයි නම් කිසි ප්‍රශ්නයක් නෑ... Parking Tickets නීතිය හරියට දැනගන්න...

Sri Lanka Police Sri Lanka Sri Lanka Government Latest Headlines
By Piyumika Feb 15, 2025 07:43 AM GMT
Piyumika

Piyumika

Report

වාහනයක් නතරකළ සැනින් ගාස්තු ගෙවිය යුතු බවට නීතියක් පනවා නැති බව කොළඹ නාගරික කොමසාරිස් පාලිත නානායක්කාර මහතා පවසයි.

කොළඹ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඔහු පවසා සිටියේ, වාහනයක් නතර කළ පසු පළමු විනාඩි 10 නොමිලේ බවයි.

මේ මාර්ගයේ ගමන් ගන්නා රියදුරු මහතුන් දැඩි ලෙස සැලකිලිමත් වන්න...

මේ මාර්ගයේ ගමන් ගන්නා රියදුරු මහතුන් දැඩි ලෙස සැලකිලිමත් වන්න...

මෙහිදී තවදුරටත් අදහස් දැක්වූ පාලිත නානායක්කාර මහතා,

"රථගාල් පාලනය කලමණාකරනය කිරීම තුළ වාහනයක් නතරකළ සැනින් ගාස්තුවක් ගෙවන්න නීතියක් නෑ පනවලා.

වාහනයක් නතර කරලා පළවෙනි විනාඩි 10 නොමිලේ.

අහස උසට නගින එළවලු මිල...

අහස උසට නගින එළවලු මිල...

වාහනයක් නවත්වන වෙලාව දාලා චිට් එකක් දෙන්න පුළුවන්. විනාඩි දහය ඉක්මවා ගියොත් තමයි ඒ පුද්ගලයාට රුපියල් 70ක මුදලක් අයකරන්න නියම කරලා තියෙනනේ.

ඊට වඩා මුදලක් ගන්න කිසිසේත්ම බෑ. ඒ වගේම පෝය දිනවල සහ විශේෂ නිවාඩු දිනවලදී අපි අයකිරීම් සිද්ධ කරන් නෑ".     

You may like this video

ReeCha