කතුන් දෙදෙනෙක් සාහසික ලෙස ඝාතනය කළ හැටි මෙන්න.

Police Sri Lanka Kills two women Nigambo Nikaweratiya
By Aruna Sep 08, 2021 03:40 AM GMT
Aruna

Aruna

Report

මීගමුව සහ කොටවෙහෙර යන ප්‍රදේශවල දී කාන්තාවක් ඇතුළු පුද්ගලයින් දෙදෙනෙකු ඝාතනය කර තිබේ.

කොටවෙහෙර දිගැන්නෑව ප්‍රදේශයේ දෙපිරිසක් අතර හටගත් ඉඩම් ආරවුලක් දුරදිග යාමෙන් 44 හැවිරිදි පුද්ගලයෙකුට උදැල්ලකින් පහරදී ඝාතනය කර ඇති බව පොලිස් මුලස්ථානය සඳහන් ක‍ළේය.

ඝාතනය සම්බන්ධයෙන් අඹුසැමි යුවළක් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් දෙදෙනා අද (08) නිකවැරටිය මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

මේ අතර මීගමුව දළුපන ප්‍රදේශයේ දී කාන්තාවක් ගිනි තබා ඝාතනය කර ඇත.

කාන්තාවක් ගිනිගෙන නිවස තුළම මියගොස් ඇති බවට මීගමුව පොලීසියට ලද තොරතුරක් මත සිදුකළ විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ අදාළ 89 හැවිරිදි කාන්තාවට භුමිතෙල් දමා ගිනිතබා මෙම ඝාතනය සිදුකර ඇති බවය.

ඝාතනය සම්බන්ධයෙන් කාන්තාවක් අත්අඩංගුවට ගෙන ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් මීගමුව පොලීසිය විසින් වැඩිදුර විමර්ශන සිදුකරනු ලැබේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now