දෛවයට අභියෝග කරමින් ජනපතිගේ ආදර සම්මාන දිනූ දරුවෝ [PHOTOS]

Report

ආබාධ සහිත පුද්ගලයන්ගේ සෞන්දර්ය කුසලතා ජාතික මට්ටමට ගෙන ඒමේ අරමුණින් සමාජ සේවා දෙපාර්තමේන්තුව විසින් සංවිධානය කරන ලද “සිත් රූ 2025” ප්‍රසංගය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් 2025 අගෝස්තු 05 වන දින පස්වරුවේ කොළඹ නෙළුම් පොකුණ රඟහලේදී උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි.

ශ්‍රී ලංකාව පුරා විසිරී සිටින ආබාධ සහිත පුද්ගලයන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම, ඔවුන් සමාජගත කිරීම, සවිබල ගැන්වීම, පුනරුත්ථාපනය කිරීම සහ රටේ ආර්ථික ප්‍රවාහයේ සක්‍රීය කොටස්කරුවන් ලෙසත්, අභිමානවත් පුරවැසියන් ලෙසත් ජීවත්වීමේ අයිතිය තහවුරු කිරීමේ අරමුණින් රජය විසින් ක්‍රියාත්මක කරන “එක්ව - අත් නොහැර” ජාතික ප්‍රතිපත්තියට අනුකූලව, සමාජ සේවා දෙපාර්තමේන්තුව මෙම “සිත් රූ” ප්‍රසංගය සංවිධානය කර තිබේ.

"විජේරාම නිවසට වඩා මට මැදමුලනේ ගෙදර හුඟක් හොඳයි" මහින්ද ආණ්ඩුවට රිදෙන්නම කියයි

"විජේරාම නිවසට වඩා මට මැදමුලනේ ගෙදර හුඟක් හොඳයි" මහින්ද ආණ්ඩුවට රිදෙන්නම කියයි

මෙය ආබාධ සහිත පුද්ගලයන්ගේ කුසලතා ඉස්මතු කිරීමටත්, ඔවුන්ගේ හැකියාවන්ට ජාතික මට්ටමින් ගෞරවයක් ලබාදීමටත් ගත් ක්‍රමෝපායකි. මෙම “සිත් රූ 2025” පළාත් තරගාවලියෙන් ජයග්‍රහණය කළ ළමා මාර්ගෝපදේශ මධ්‍යස්ථාන, ළමා සුරැකුම් මධ්‍යස්ථාන සහ වෘත්තීය පුහුණු ආයතනවල දරු දැරියන්ට තිළිණ සහ සම්මාන ප්‍රදානය කිරීම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ අතින් මෙහිදී සිදු කෙරිණි.

මෙම අවස්ථාව ඔවුන්ගේ දක්ෂතාවන්ට ලැබුණු ජාතික ගෞරවයක් ලෙස සැලකේ. එම දරු දැරියන් සමඟ සුහදව කතාබස් කළ ජනාධිපතිවරයා, ඔවුන්ගේ අත්දැකීම් හා හැකියාවන් පිළිබඳව උනන්දුවෙන් විමසා බැලූ අතර, ඔවුන් සමඟ සමූහ ඡායාරූප සඳහාද එක්විය. මෙම අවස්ථාව ආබාධ සහිත පුද්ගලයන්ට රජයේ අවධානය හා ගෞරවය ලබාදීමේ සංකේතයක් ලෙස සැලකිය හැකි අතර, ඔවුන්ගේ සමාජ ඇතුළත්වීමේ ගමනට ශක්තියක් එක්කිරීමේ වැදගත් පියවරක් ලෙසද හැඳින්විය හැකිය.

සුභ ආරංචියක් රාජ්‍ය සේවක වැටුප් ඉහළට රු. කෝටි 11,000ක් වෙන් කරයි

සුභ ආරංචියක් රාජ්‍ය සේවක වැටුප් ඉහළට රු. කෝටි 11,000ක් වෙන් කරයි

නීතියට ඇරයුමක්ද? CID නිලධාරියාට හරක් කටාගෙන් මරණ තර්ජන

නීතියට ඇරයුමක්ද? CID නිලධාරියාට හරක් කටාගෙන් මරණ තර්ජන

 

GalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGallery