කොරෝනාවේ භයානක තත්ත්වය ගැන ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ප්‍රකාශයක්..
COVID-19
By krishani
කොරෝනා වෛරස් ගෝලීය වසංගතයෙන් ලොව පුරා මිලියන 15කට ආසන්න පිරිසක් මියගොස් ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය අනාවරණ කරනවා.
එය, සාමාන්‍යයෙන් ලොව වසර දෙකක දී සිදුවිය හැකි මරණ සංඛ්‍යාවට ද වඩා සියයට 13කට වැඩි ප්‍රමාණයක්.
එමෙන්ම ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කරන පරිදි ලොව බොහෝ රටවල් කොරෝනා වෛරසයෙන් මියගිය සංඛ්‍යාව නිසි ලෙස ගණනය කර නැහැ. එලෙස නිල වශයෙන් ලොව පුරා වාර්තා වී තිබුණේ කොරෝනා මරණ මිලියන 5.4 ක් පමණයි.
ඒ අනුව කොරෝනා වසංගතයෙන් මියගිය සංඛ්‍යාව නිල වාර්තා මෙන් තුන් ගුණයක් පමණ ඉහළ බව ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙනවා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |