මම දැනගත්තා මාව අහුවෙන බව ඒ හින්දා මම අම්මටත් ඇත්තම කිව්වා සර්, කහතුඩුවේ පැහැර ගැනීම සිසුවාගේම සැළසුමක්

Report

මීට මාස දෙකකට පෙරදී සුදු වෑන් රථයකින් 15 හැවිරිදි තුන් කුළුඳුල් පාසල් සිසුවකු කහතුඩුව ප්‍රදේශයේදී පැහැරගෙන ගිය බව කියන ආන්දෝලනාත්මක සිද්ධියට අදාළ දරුවා තම පියාගෙන් අලුත් පාපැදියක් ලබාගැනීමේ අරමුණින් යුතුව එම සිසුවා විසින්ම කරන ලද සැලසුමක් බවට අනාවරණය වී ඇති බව කහතුඩුව පොලීසිය ප්‍රකාශ කරයි.

ඒ අනුව අඳාළ සිද්ධිය සිදුවන විට ඔහු පදවාගෙන ගිය පැරණි පාපැදිය කහතුඩුව මිනුවන්විල කැලයේ සඟවා තිබියදී පොලිසිය සොයාගෙන ඇත.

අඳාළ සිසුවා විසින් තම පැමිණිල්ලෙහි දක්වා තිබුණේ පහුගිය ජූලි මස 16 වෙනි දින සවස 04.10 ට පමණ අමතර පන්ති යාමට පාපැදියෙන් නිවෙසින් පිට වූ අතර, මීටර් 100 ක් පමණ යාමේදී පාපැදියේ චේන් එකක් ගැලවුණ බවත් පසුව එය යළි සකසාගෙන මීටර් 700 ක් පමණ දුරක් පාපැදිය පදවාගෙන ගිය බවයි.

ආණ්ඩුව රාජ්‍ය බැංකු පද්ධතිය විකුණන්න හදනවා මේ ආණ්ඩුව හුදෙක් රූකඩයක් විතරයි - ගයන්ත

ආණ්ඩුව රාජ්‍ය බැංකු පද්ධතිය විකුණන්න හදනවා මේ ආණ්ඩුව හුදෙක් රූකඩයක් විතරයි - ගයන්ත

එසේ යන විට නිවෙස් නොමැති ප්‍රදේශයේ නවතා තිබූ සුදු පැහැති කුඩා වෑන් රථයක සිටි පුද්ගලයකු වෑන් රථයෙන් බැස තමා අසලට පැමිණ උල් පිහියක් පෙන්වා බිය ගන්වා "වෑන් එකට නැගපන්" යනුවෙන් ප්‍රකාශ කළ බවත් ඉන් බියවී තමා කෑගැසූ බවත් එහෙත් එය කිසිවකුට නොඇසුණු බවත් දරුවා තම ප්‍රකාශයෙන් සඳහන් කර තිබෙනවා.

ඉන් අනතුරුව පාපැදිය ද වෑන් රථයට දමාගෙන තමන්ට පාර නොපෙනෙන ලෙස ඔවුන් වාහනයෙන් තමා රැගෙන ගිය බවත් අඳාළ පැමිණිලෙන් සඳහන් කර ඇති සිසුවා ටික දුරක් ගියපසු පෙට්ටි කඩයක් පසුකර වාහනය නැවැත් වූ බවත් එවිට වර්ෂාව නිසා අවට කළුවර වී තිබූ බවත් පොලිසිය හමුවේ සඳහන් කර තිබෙනවා.

මේ අතර වෑන් රථයේ රියදුරු සහ අනෙක් පුද්ගලයා කඩේකට ගිය පසු තමා වෑන් රථයෙන් බැස මීටර් 500 ක් දිව පමණ දිව අසල පාන් බේකරියට ගොස් එහි සිටි කාන්තාවකට හා පිරිමි පුද්ගලයාට තමාට සිදුවූ සියල්ල කියූ බවත් සිසුවා පොලිසිය හමුවේ සඳහන් කර තිබුණා.

ඒ අනුව එම දෙපළ විසින් 119 හරහා පොලිසියට දැනුම්දීමෙන් පසු රත්නපුර පොලිසිය පැමිණ තමාව රැගෙන ගිය බවත් සිසුවා වැඩිදුරටත් පොලිසිය හමුවේ ප්‍රකාශ කර ඇත.

තෙල් මිලට මොකද වෙන්නේ - ආයේ තෙල් ගන්නේ ඇමරිකාවෙන් අරාබියෙන් නෙමෙයිලු

තෙල් මිලට මොකද වෙන්නේ - ආයේ තෙල් ගන්නේ ඇමරිකාවෙන් අරාබියෙන් නෙමෙයිලු

කෙසේ වෙතත් අඳාළ සිසුවාගේ ප්‍රකාශ මත කහතුඩුව පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක රාජිත ගුරුසිංහ ඇතුළු කණ්ඩායමක් රත්නපුර ප්‍රදේශයට ගොස් කළ විමර්ශනයකදී එම සිසුවා වෑන් රථයෙන් බැස දිවූ බව කියන ප්‍රදේශයේ සීසීටීවී දර්ශන පරික්ෂා කළ විට ඔහු කිසිදු කලබලයක් නොමැතිව පා ගමනින් ගමන් කරන අයුරු දැක්වෙන දර්ශනයක් හමුව ඇති බව පොලිසිය කියයි.

මේ අතර ඔහුට අමතර පන්ති යන විට අමතර ඇඳුමක්ද ගමන් බෑගයේ දමාගෙන ගොස් තිබූ බවද පොලිස් විමර්ශනවලදී හෙළි වී තිබූ බැවින් එයද පොලීසියේ සැකයට තුඩු දී ඇත.

තවද සිසුවා පැවසූ ලෙස ඔහු පැහැරගත් බව කියන සුදු පාටට හුරු කුඩා වෑන් රථයක් ධාවනය වන දර්ශන ඇත් දැයි සොයා රත්නපුර සමන් දේවාලය අසල සිට රත්නපුර දෙසට සීටීවිවි දර්ශන 20 ක ආසන්න ප්‍රමාණයක් එම දිනවල පොලිස් නිලධාරීන් පරීක්ෂා කළද එබඳු කිසිදු වෑන් රථයක් ධාවනය නොවන බවද හෙළි වී තිබෙනවා.

ඒ අනුව විමර්ශන නිලධාරියෙක් සඳහන් කළේ සීසීටී දර්ශන 50 කට ආසන්න ප්‍රමාණයක් දැඩි පරික්ෂාවට ලක් කළද සිසුවා පවසන ලෙස කිසිදු පැහැර ගැනීමකට හෝ සුදු පැහැයකට හුරු වෑන් රථයක් ධාවනය වන අයුරු දැක්වෙන දර්ශන එම සීසීටීවී දර්ශනවලින් හමු නොවූ බවයි.

එමෙන්ම පොලිසිය අඳාළ සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයන් දස දෙනකුට අධික ප්‍රමාණයකින් ප්‍රකාශ ද ලබා ගෙන ඇත.

එහිදී සිසුවාගේ පාසලේ සමීප මිතුරන් තිදෙනෙකුගෙන් වරින් වර කළ ප්‍රශ්න කිරීමේදී සිසුවා පැවසූ ලෙස යම් පිරිසක් ඔහු පැහැරගැනීමක් පිළිබඳව තොරතුරක් නොපවසන බවත් පැරැණි පාපැදිය වෙනුවට අලුත් පාපැදියක් පියාට පවසා මිලදී ගන්නා බව පමණක් ඔහු කියූ බවට අනාවරණය කර ගැනීමට පොලීසිය සමත්ව ඇත.

මහින්ද ආපහු කොළඹට අනුර ආපහු ගමට.. - සංජීවයි නාමලුයි කියන කතා

මහින්ද ආපහු කොළඹට අනුර ආපහු ගමට.. - සංජීවයි නාමලුයි කියන කතා

කෙසේ වෙතත් සිසුවාගෙන් වැඩිදුරටත් ප්‍රශ්න කිරීමේදී තම සමීප මිතුරන්ට අලුත් පාපැදි ඇති බවත් තම පියාට යහමින් මුදල් ඇති නිසා අලුත් පාපැදියක් පියා ලවා මිලදී ගැනීමේ අරමුණින් තමා පැහැර ගත් බවට මෙය නිර්මාණය කළ බවත්, තම පැරණි පාපැදිය මිනුවන්විලි කැලේ සැඟවූ බවත් පොලිස් නිලධාරින් හමුවේ අඳාළ සිසුවා පාපොච්චාරණය කර තිබෙන බව වාර්තා වේ.

පසුව හොරණ නගරයට බස් රථයෙන් ගොස් රත්නපුරය දක්වා ගමන් ගන්නා බස් රථයක නැග ගමන් කිරීමේදී තමන්ට නින්ද ගිය බවත් අවදි වූ පසු බස් රථයෙන් බැස්සද එම ස්ථානය පිළිබඳව කිසිදු තොරතුරක් තමන් නොදන්නා බවත් සැකකාර පාසල් සිසුවා පොලිසියේ සිදුකළ ප්‍රශ්න කිරීම් හමුවේ කියා ඇත.

ඊට අමතරව ඔහු විසින් ‘මම දැනගත්තා මාව පොලිසියට අහුවෙන්නයි යන්නේ මම ඒ හින්දා මේ සම්බන්ධයෙන් මම අම්මටත් ඇත්තම කිව්වා සර්’ යනුවෙන් ද පොලිසිය හමුවේ ප්‍රකාශ කර තිබෙනවා.

මේ සම්බන්ධයෙන් පොලීසිය සඳහන් කළේ සැකකාර පාසල් සිසුවා බාල වයස්කාර දරුවෙක් නිසා ඒ සම්බන්ධයෙන් කැස්බෑව මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කර ඉදිරි නීති ක්‍රියාමාර්ග ගන්නා බවයි.  

අද මේ ලග්නවලට වස්තු සැප සම්පත් දෝරෙ ගලන අතමිට සරුවෙන දවසක්

අද මේ ලග්නවලට වස්තු සැප සම්පත් දෝරෙ ගලන අතමිට සරුවෙන දවසක්