මහා දහවල් මැද්දේ කල්ලියක් නිවසකට පැනලා කරපු අපරාධයක්..
By Piyumika
මට්ටක්කුලිය සමිත්පුර නිවසකට ඊයේ (29) දහවල් කඩා වැදුණු පිරිසක් එහි සිටි පුද්ගලයකු පැහැරගෙන ගොස් පහරදී තියුණු ආයුධවලින් කපා බරපතල තුවාල සිදුකර කෙසෙල් වත්ත ප්‍රදේශයේ දමා ගොස් ඇතැයි මට්ටක්කුලිය පොලිසිය කියයි.
එම පැහැරගැනීම සඳහා පුද්ගලයින් හය දෙනෙකු ත්‍රිරෝද රථයකින් පැමිණි බවත් පැවසුවත් ඊට වඩා පිරිසක් තවත් තීරෝද රථ සහ යතුරු පැදියකින් පැමිණ ඇති බවට තොරතුරු ලැබී ඇතැයි උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.
තුවාල ලද පුද්ගලයා කොළඹ ජාතික රෝහල වෙත ප්‍රතිකාර සඳහා ඇතුළත් කර ඇත.
මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් ඇති වූ ආරවුලක් මෙම පැහැර ගැනීමට ආසන්නම හේතුව බවට මේ වන විට අනාවරණය වී ඇතැයි උසස් පොලිස් නිලධාරියා වැඩිදුරටත් පැවසීය
You may like this video