කිසිවෙකුත් නොසිතූ දෙයක් පාවෙමින් තිබියදී හමුවෙයි

By Sewvandhi Sep 07, 2024 07:59 AM GMT
Report

ඊයේ (06) ශ්‍රී ලංකා නාවික හමුදාව ,මන්නාරම පේසාලේ ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ සිදුකල සෝදිසි මෙහෙයුමකදී, කේරළ ගංජා කිලෝග්‍රෑම් එකසිය අසූ අටකට (188) අධික තොගයක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කර තිබෙනවා.

නාවික හමුදා මාධ්‍ය අංශය පවසන්නේ, මුහුදු ප්‍රදේශයේ පාවෙමින් තිබූ සැකකටයුතු උර පහක් (05) නීරීක්‍ෂණය කර පරික්‍ෂා කිරීමේදී,මෙම කේරල ගංජා තොගය හමුව ඇති බවයි.

නාවික හමුදා කියා සිටියේ, නාවික හමුදා මෙහෙයුම් හමුවේ ගොඩබිමට රැගෙන ඒමට නොහැකිව මෙලෙස මුහුදේ අතහැර දමන්නට ඇති බව සැක පල කරන බවයි.

නාවික හමුදා භාරයට ගත් මෙම කේරළ ගංජා තොගය ඉදිරි නීතිමය කටයුතු සඳහා පේසාලේ පොලිස් ස්ථානය වෙත භාරදීමට කටයුතු කර තිබෙනවා.

ආයෙමත් ලස්සන වෙලත් හමාරයි..තරුණියන් හඬවමින් රූපලාවණ්‍යාගාරයක් ගැන දුන් අධිකරණ නියෝගය..!

ආයෙමත් ලස්සන වෙලත් හමාරයි..තරුණියන් හඬවමින් රූපලාවණ්‍යාගාරයක් ගැන දුන් අධිකරණ නියෝගය..!