කෙසෙල්වත්තේ සිදුවූ භයානක සිදුවීම
කෙසෙල්වත්ත පොලිස් වසමේ ශාන්ත සෙබස්තියන් වීදියේ පිහිටි නිවසකට ඇතුළුවූ මුහුණු ආවරණය කරගත් වෙඩික්කරුවන් දෙදෙනෙක් නිවසේ සිටි පුද්ගලයෙකුට වෙඩිතබා පළාගොස් තිබේ.
අද (08) රාත්‍රී 7.30ත් 7.45ත් අතරතුරදී මෙම වෙඩිතැබීම සිදුවී ඇත. වෙඩි වැදීමෙන් තුවාල ලැබූ පුද්ගලයා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබේ. පොලීසිය සඳහන් කළේ ඔහු කෙසෙල්වත්ත ප්‍රදේශයේම පදිංචි 40 හැවිරිදි පුද්ගලයෙක් බවය.
මේ අතර මාළිගාවත්ත ලක්සිරි සෙවණ නිවාස සංකීර්ණය අසල ක්‍රීඩාංගණයේදී පුද්ගලයෙකු කපාකොටා මාරාන්තික තුවාල සිදුකිරීමේ සිද්ධියට සැකපිට තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. කොළඹ අපරාධ කොට්ඨාසය විසින් සිදුකළ එම වැටලීමේදී ත්‍රීරෝද රථයක්, අපරාධය සිදුකිරීමට රැගෙනආ බවට සැකකෙරෙන ආයුධ කිහිපයක් ද සොයාගෙන ඇත.
එම ත්‍රීරෝද රථයේ පුද්ගලයන් 05 දෙනෙකු සිට ඇති අතර ඉන් දෙදෙනෙකු පළාගොස් තිබේ. ඊයේ (07) රාත්‍රියේ කොළඹ 12 කෙසෙල්වත්ත ප්‍රදේශයේ සිදුව තිබූ පිහිඇනුමක් සම්බන්ධ සිද්ධියකට අදාළව විමර්ශන සිදුකරන අවස්ථාවේදී මෙම සැකසහිත ත්‍රීරෝද රථය පරීක්ෂා කර තිබේ.
මාළිගාවත්ත සුසාන භූමිය අසලදී එම සැකකාර ත්‍රීරෝද රථය පරීක්ෂා කර සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.
ප්‍රහාරයට ලක්වූ පුද්ගලයාට දරුණු කැපුම් තුවාල සිදුවී ඇති අතර මේ වනවිට ඔහු කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටී.