රුපියල් මිලියන 69ක කේරළ ගංජා යාපනයෙන් අල්ලයි

By Gagana News Mar 05, 2025 10:27 AM GMT
Report

රුපියල් මිලියන 69කට අධික දළ වීථි වටිනාකමින් යුත් කේරළ ගංජා තොගයක් යාපනය වත්තිරායන් වෙරළේදී ආරක්ෂක අංශ සිය භාරයට ගෙන ඇති බව වාර්තා වේ.

ශ්‍රී ලංකා නාවික හමුදාව, පොලිස් විශේෂ කාර්ය බළකාය එක්ව සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී මෙම කේරළ ගංජා කිලෝ ග්‍රෑම් 174කට අධික ප්‍රමාණය සොයා ගෙන ඇති බව සඳහන් වේ.

එම වෙරළට ආසන්න කැලෑබඳ ප්‍රදේශයේ තිබූ සැකකටයුතු උර හතක් පරීක්‍ෂාවට ලක්කිරීමේදී මෙම කේරළ ගංජා තොගය සොයා ගෙන තිබේ.

එම කේරළ ගංජා තොගය ඉදිරි නිතිමය කටයුතු සඳහා මරුතන්කර්නි පොලිස් විශේෂ කාර්ය බළකාය වෙත වෙත භාරදී ඇති බව සඳහන්ය. 

කොටහේන පොලිස් ස්ථානාධිපතිට මරණ තර්ජන

කොටහේන පොලිස් ස්ථානාධිපතිට මරණ තර්ජන

කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ අයෙක් දැලේ

කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ අයෙක් දැලේ