මෙරට වැඩිම අපරාධ ගණනක් වාර්ථා වුණු ප්‍රදේශය මෙන්න

Sri Lanka Crime
By Sewvandhi Dec 28, 2022 10:08 AM GMT
Sewvandhi

Sewvandhi

Report

  වැඩිම අපරාධ සංඛ්‍යාවක් කැලණියෙන් වාර්තා වෙයි මෙම වසරේ (2022) ගතවූ කාලය තුළ බරපතළ අපරාධ 29,930ක් වාර්තා වී තිබෙනවා. 

  පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරල මහතා පවසන්නේ, මනුෂ්‍ය ඝාතන 497ක් සිදුවී ඇති අතර ඉන් 223ක් වෙඩිතැබීම් හෝ පහරදීම් මත සිදුවී ඇති බවයි. එම විශ්වවිද්‍යාලය විසින් සිදු කළ සමීක්ෂණයකදී මේ බව අනාවරණය වී ඇති බව එතුමා පැවසීය. ඉන් 37%ක් බස්නාහිර පළාතින් වාර්තාවී ඇති බව මහාචාර්යවරයා පෙන්වා දෙයි. 

  වයඹ පළාතින් 13%ක්, දකුණු පළාතින් 10%ක්, සබරගමුව පළාතින් 9%ක් සහ මධ්‍යම පළාතින් 8%ක් වාර්තාවී ඇත. ගතවූ මෙම කාලය තුළ දේපළ සම්බන්ධයෙන් අපරාධ 16,317ක් සහ පුද්ගලයින්ට එරෙහිව අපරාධ 5,964ක් සිදුවී තිබේ.  

එමෙන්ම ගතවූ මාස 11ක කාලය තුළ වාහන සොරකම් කිරිමේ සිද්ධීන් 1,466ක් වාර්තා වී ඇති බව සඳහන්ය. ඉන් බහුතරයක් යතුරුපැදි සහ ත්‍රීරෝද රථ සොරාගැනීමේ සිද්ධින් වන අතර ඉන් සියයට 39ක් බස්නාහිර පළාතෙන් වාර්තා වී ඇති බව මහාචාර්ය වසන්ත අතුකෝරල මහතා පැවසීය. එමෙන්ම වහාන සොරාගැනීමේ සිද්ධිවලින් සියයට 14ක් වයඹ පළාතෙන් සහ සියයට 13ක් දකුණු පළාතෙන් වාර්තා වී ඇත.  

බරපතළ අපරාධ සිදුවී ඇති පොලිස් කොට්ඨාස අතරින් මේ වසරේ ගතවූ කාලය තුළ වැඩිම අපරාධ සංඛ්‍යාවක් කැලණිය පොලිස් කොට්ඨාසයෙන් වාර්තා වී ඇති අතර එම සංඛ්‍යාව 2,287ක් බව ඔහු සඳහන් කරයි. අපරාධ 2,058ක් අනුරාධපුරින් සහ අපරාධ 2,018ක් නුගේගොඩ පොලිස් කොට්ඨාසයෙන් වාර්තා වී තිබේ.  

මීට අමතරව මීගමුව, මහනුවර, කුරුණෑගල, ගල්කිස්ස, කොළඹ, රත්නපුර, ගම්පහ, කුලියාපිටිය සහ පානදුර යන පොලිස් කොට්ඨාසවලින්ද අපරාධ 1,000කට අධික සංඛ්‍යාවක් වාර්තා වී ඇති බව සඳහන් වෙයි. ගතවූ මෙම කාලය තුළ පුද්ගල පැහැරගැනීමේ සිද්ධීන් 3,596ක්, ගෙවල් බිදීම් 6,208ක්, මංකොල්ලකෑම් 2,159ක් වාර්තා වී තිබේ. 


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now