කෙහෙළියගේ මෙහෙකාරිය රිමාන්ඩ්

Keheliya Rambukwella Law and Order Latest Headlines Sinhala news gagana news
By Shehan Jun 12, 2025 03:18 AM GMT
Shehan

Shehan

Report

හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු පිරිසකට එරෙහිව පවරා ඇති නඩුව සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනවලට අදාළව, ඔහුගේ නිවසේ සේවයේ නියුතුව සිටි සේවිකාවක් සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.

එම සැකකාරිය මේ මස 17 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ (ජුනි 11) නියෝග කළේය. අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව (CIABOC) විසින් අත්අඩංගුවට ගත් මෙම සැකකාරිය, කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනුජා ලක්මාලී හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම නියෝගය ලබා දී ඇත.

ගුවන් යානයක් පැහැර ගැනීමට සැලසුම්? – සැකකරු වැල්ලවත්තේ අල්ලයි!

ගුවන් යානයක් පැහැර ගැනීමට සැලසුම්? – සැකකරු වැල්ලවත්තේ අල්ලයි!

අල්ලස් කොමිසමේ නිලධාරීන් අධිකරණයට දැනුම් දුන්නේ, මෙම සිද්ධියට අදාළ විමර්ශන තවමත් අවසන් වී නොමැති බවත්, ඒ අනුව සැකකාරිය රක්ෂිත බන්ධනාගාර ගත කිරීම අවශ්‍ය බවත් ය. ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත් තනුජා ලක්මාලී, සැකකාරිය ලබන 17 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නියෝග කළාය.

මෙම නඩුව හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලට එරෙහිව පවරා ඇති චෝදනා මත පදනම් වේ. ඔහු ජනමාධ්‍ය, සෞඛ්‍ය සහ පරිසර අමාත්‍යවරයා ලෙස කටයුතු කළ සමයේ, සිය පෞද්ගලික කාර්ය මණ්ඩලයට නාමිකව පුද්ගලයින් 15 දෙනෙකු ඇතුළත් කර, ඔවුන්ගේ වැටුප් හා දීමනා ලබාගනිමින් රුපියල් ලක්ෂ 80කට අධික මුදලක් රජයට පාඩු සිදු කළ බවට චෝදනා එල්ල වී ඇත.

ශානක්කියන් හෙළි කරයි – මඩකලපුවේ නව බල ගැටුමක්!

ශානක්කියන් හෙළි කරයි – මඩකලපුවේ නව බල ගැටුමක්!

අල්ලස් කොමිසම මේ සම්බන්ධයෙන් ගැඹුරු විමර්ශනයක් සිදු කරමින් පවතින අතර, ඉදිරි විමර්ශනවල ප්‍රගතිය මත සැකකරුවන්ට එරෙහිව තවදුරටත් නීතිමය පියවර ගැනීමට අපේක්ෂා කෙරේ.

ඩඩ්ලි සිරිසේනගේ අවසන් කැමැත්ත – මිනිය පොළොන්නරුවේ තැන්පත් කරන්න!

ඩඩ්ලි සිරිසේනගේ අවසන් කැමැත්ත – මිනිය පොළොන්නරුවේ තැන්පත් කරන්න!

ReeCha