ගුවන් යානයක් පැහැර ගැනීමට සැලසුම්? – සැකකරු වැල්ලවත්තේ අල්ලයි!

Report

ඉන්දුනීසියාවේ සිට පැමිණි ශ්‍රී ලාංකික ගුවන් යානයක් පැහැර ගන්නා බවට ව්‍යාජ දුරකථන ඇමතුමක් ලබා දුන් පුද්ගලයෙකු වැල්ලවත්ත පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 42ක පුද්ගලයෙකු බව පොලිසිය හඳුනාගෙන තිබේ. මෙම සිද්ධිය සම්බන්ධයෙන් සැකකරු ගුවන්තොටුපළ පොලිසිය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති අතර, පොලිසිය විසින් මෙය රාජ්‍ය විරෝධී පැමිණිල්ලක් ලෙස ලියාපදිංචි කර ඇත.

ඔබේ දරුවාටත් හදිසියේ උණද? – රෝගය පැතිරෙන්නෙ මෙහෙමයි!

ඔබේ දරුවාටත් හදිසියේ උණද? – රෝගය පැතිරෙන්නෙ මෙහෙමයි!

සැකකරු වැල්ලවත්තේ 33 වන වීදියේ පිහිටි නේවාසිකාගාරයක නවාතැන් ගෙන සිටි බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි. වැල්ලවත්ත පොලිසිය විසින් මෙම සිද්ධිය පිළිබඳ වැඩිදුර විමර්ශන සිදු කරමින් පවතින අතර, එවැනි තර්ජනාත්මක ක්‍රියාවන්ට එරෙහිව දැඩි නීතිමය පියවර ගන්නා බව පොලිසිය අවධාරණය කරයි.

ආයේ අනතුරු වෙන්න බෑ..වැඩ බලන පොලිස්පතිගෙන් රතු නිවේදනයක්

ආයේ අනතුරු වෙන්න බෑ..වැඩ බලන පොලිස්පතිගෙන් රතු නිවේදනයක්

මෙම සිදුවීම හේතුවෙන් ගුවන්තොටුපළ ආරක්ෂාව තවදුරටත් තහවුරු කිරීමට පියවර ගනිමින් තිබේ.