කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු පිරිසට අධිචෝදනා

Report

ඉකුත් රජය සමයේ ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් මිලදී ගැනීම හේතුවෙන් රජයේ මුදල් සාවද්‍ය ලෙස පරිහරණය කළේ යැයි චෝදනා එල්ල වී සිටින හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු විත්තිකරුවන් පිරිසකට අද (16) කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ අධිචෝදනා භාරදෙන ලදී.

මෙම චෝදනාවලට අනුව, හිටපු අමාත්‍යවරයා ඇතුළු සැකකරුවන් රජයේ මුදල්වලින් ප්‍රමිතියෙන් තොර එන්නත් මිලදී ගැනීමට කටයුතු කර ඇති බවට චෝදනා එල්ල වී තිබේ.

මෙම සිදුවීම සම්බන්ධයෙන් අධිකරණ කටයුතු ආරම්භ වූ අතර, ඉදිරි නඩු විභාගයන්හිදී මෙම චෝදනාවල සත්‍යතාව පිළිබඳව විමර්ශනය කෙරෙනු ඇත.

කෙහෙළියගේ පුත් රමිතගේ දේපල ලැයිස්තුව මෙන්න- මාස 21දී කෝටි 27ක් උපයලා,ස්ථාවර තැන්පතු 4ක්

කෙහෙළියගේ පුත් රමිතගේ දේපල ලැයිස්තුව මෙන්න- මාස 21දී කෝටි 27ක් උපයලා,ස්ථාවර තැන්පතු 4ක්

කෙහෙළිය ඇතුළු පවුලේ සාමාජිකයින්ට එරෙහි නඩුව කල්යයි

කෙහෙළිය ඇතුළු පවුලේ සාමාජිකයින්ට එරෙහි නඩුව කල්යයි