කෙහෙළියගේ පුත් රමිතගේ දේපල ලැයිස්තුව මෙන්න- මාස 21දී කෝටි 27ක් උපයලා,ස්ථාවර තැන්පතු 4ක්
හිටපු ඇමැති කෙහෙළිය රඹුක්වැල්ලගේ පුත් රමිත් රඹුක්වැල්ල විසින් හෙළි කළ නොහැකි වත්කම් රැසක් මිලදී ගෙන ඇති අතර ඔහුට ඒ වෙනුවෙන් අධි චෝදනා යොමු කර තිබේ.
මේ අතර හිටපු ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ පුත් රමිත් රඹුක්වැල්ල මහතා විසින් හෙළි කළ නොහැකි වත්කම් මඟින් මිලදී ගෙන ඇති රුපියල් කෝටි 14කට අධික වටිනාකමකින් යුතු නිවාස 2ක්, එක් කෝටි අසූ ලක්ෂයක් වටිනා මුදල්, ඩිස්කවරි ජීප් රථයක් මෙන්ම බැංකු ගිණුම් 4ක්, බිරියට අයත් ගිණුම් 4ක් ඇතුළු දේපළ රැසක් පවතින බව අල්ලස් කොමිසම පවසයි.
මේ නිවාස දෙක කොළඹ 07, ධර්මපාල මාවතේ ඇති සුබෝ- කෝටි 8ක් පභෝගී නිවාස සංකීර්ණයකින් මිලදී ගෙන ඇති අතර, එයින් එක් නිවෙසක් රුපියල් සහ අනෙක් නිවෙස රුපියල් හය කෝටි පනස්ලක්ෂයක් වේ. කෙහෙළිය රඹුක්වැල්ල මහතා සෞඛ්‍ය ඇමැතිවරයා වශයෙන් කටයුතු කළ සමයේදී මාස 21ක කාලයක් තුළ ඔහු මෙසේ රුපියල් කෝටි 27කට අධික වටිනාක- මකින් යුත් වත්කම් උපයාගෙන ඇතැයි දූෂණය වරද යටතේ අල්ලස් කොමිසම ඔහුට එරෙහිව සිදු කළ විමර්ශනවලින් අනාවර- ණය කර ඇත.
කෙහෙළිය රඹුක්වැල්ල මහතා සෞඛ්‍ය ඇමැති ධුරය දරන සමයේදී රමිත් රඹුක්වැල්ල ඔහුගේ පෞද්ගලික ලේකම්වරයා වශ- යෙන් ද කටයුතු කර තිබූ බව පවසන කොමිසම මේ විමර්ශන සඳහා ප්‍රකාශ ගණනාවක් මේ වන විටත් සටහන් කර ඇතැයි ද කියයි.
2022 ජනවාරි මස 01 වැනිදා සහ 2023 නොවැම්බර් මස 14 වැනිදා දක්වා මාස 21ක කාලසීමාව තුළ ඔහු රුපියල් 296,566,444.76ක් වටිනා වත්කම් සහ දේපළ මෙසේ උපයාගෙන ඇතැයි ද, එම වටිනාකමකින් යුත් මුදල් හා දේපළ උපයා ගත් ආකාරය හෙළිදරව් කිරීමට රමිත් රඹුක්වැල්ල අපොහොසත් වී ඇතැයි ද කොමිසම වැඩිදුරටත් කියයි.
ඒ අනුව අල්ලස් කොමිසම මහාධිකරණය හමුවේ දූෂණ විරෝධී පනත යටතේ අධිචෝ - දනා පසුගිය 12 වැනිදා ගොනු කර තිබිණි. එසේම ඔහුගේ හා බිරියගේ නම්වලින් ඇති බැංකු ගිණුම්වල ස්ථාවර තැන්පතු ආරම්භ කර ඇති බව අනාවර- ණය වී ඇතැයි ද අල්ලස් කොමි- සම කියා සිටි අතර, තවත් අංශ ගණනාවක් ඔස්සේ මේ සම්බන්ධ- යෙන් විමර්ශන සිදු කරන බව ද කීවේය.
 
                 
                     
                                             
         
     
     
     
     
     
     
                             
        ![බන්ධනාගාරවල 64% මත්ද්‍රව්‍ය නාමිකයින් - ජනපති හෙළි කරයි [VIDEO]](https://cdn.ibcstack.com/article/2d8ce6b0-229f-4ea8-8598-671bccef29b6/25-69030329f1320-sm.webp) 
        ![රනිල් අධිකරණයට - රනිල් වෙනුවෙන් මැති ඇමතිවරු රැසක් එකතු වේ [VIDEO]](https://cdn.ibcstack.com/article/9d16374e-d8e9-4f54-8891-bc88a8ee9605/25-6901c9e577745-sm.webp) 
        ![නාරහේන්පිට ගින්න - නිවාස සංකීර්ණයේ සිරවී සිටින කට්ටිය මුදාගැනීමට දැඩි වෙහෙසක් [VIDEO]](https://cdn.ibcstack.com/article/73681d00-7b87-4620-9d80-4f7030a8fde7/25-690195b987668-sm.webp) 
        ![ලේඩිස්ලට රට යන්න දෙන්නේ නෑ ගියපු අය ඉන්නේ මඩම්වල - ආන්දෝලනාත්මක වීඩියෝවේ ඇත්ත නැත්ත [VIDEO]](https://cdn.ibcstack.com/article/8c0ee2cb-0a47-46b0-b2ce-c84e0317f412/25-6900d84571fd1-sm.webp) 
        ![වැලිගම සභාපති ඝාතනයේ වෙඩික්කරු සියල්ල වමාරයි - කොන්ත්‍රාත්තුව ඩුබායි වලින්ලු.. [VIDEO]](https://cdn.ibcstack.com/article/c177408b-beaf-411b-9de0-cc4fbac35be4/25-68fe794a2a88e-sm.webp) 
         
         
        ![වැලිගම සභාපති ලසන්තට වෙඩි තබා පලා යාමේ CCTV දර්ශණ මෙන්න [VIDEO]](https://cdn.ibcstack.com/article/a01f3a8c-4ee0-4b04-b1b9-31e5260c5c8b/25-68f891be30aee-sm.webp) 
         
         
         
         
         
         
         
        ![චූටි පහන්දිට මොකද මේ වෙලා තියෙන්නේ [PHOTOS]](https://cdn.ibcstack.com/article/737a188e-5694-4aac-a335-0a8993c7a114/25-6904a6211aec7-sm.webp) 
         
         
         
         
         
         
         
        