CID එකෙන් උසාවියට දැමූ 'කෙහෙල්බද්දර පද්මේ' කෙළින්ම රිමාන්ඩ් එකට
By Kanchana
රැදවුම් නියෝග මත රඳවාගෙන සිටි මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු බව කියන කෙහෙල්බද්දර පද්මේ නමැත්තා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබේ.
ඉන් පසුව සැකකරු සැප්තැම්බර් මස 03 වනදා දක්වා රිමාන්ඩ් භාරයේ තැබීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා නියෝග කර ඇත.