වෙලා තියෙන්නෙ මොකක් ද?. මාලිමාවේ මන්ත්‍රීවරියක් වහා CID යයි..(PHOTOS)

CID - Sri Lanka Police Latest Headlines Decision Making National People's Power - NPP
By krishani Dec 27, 2024 07:05 PM GMT
krishani

krishani

Report

ජාතික ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීනි කෞශල්‍යා ආරියරත්න විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් සිදු කර තිබෙනවා.

එයින් ඇය සඳහන් කර ඇත්තේ තමන් සම්බන්ධයෙන් සමාජ ජාලා ඔස්සේ අසත්‍ය පුවත් ප්‍රචාරය වන බවයි.

නව රජයෙන් ශවේන්ද්‍රට මොකද වෙන්නේ?. ලැබුණ ආරංචිය මෙන්න..

නව රජයෙන් ශවේන්ද්‍රට මොකද වෙන්නේ?. ලැබුණ ආරංචිය මෙන්න..

වහා ජනවාරි 1 වෙනිදා සිට වෙන තහනම.. දරුවන් ගැන සිතා.. නව රජය ගත් විශේෂ තීරණය මෙන්න..

වහා ජනවාරි 1 වෙනිදා සිට වෙන තහනම.. දරුවන් ගැන සිතා.. නව රජය ගත් විශේෂ තීරණය මෙන්න..

ඒ හරහා තම කීර්ති නාමයට හානි කිරීමේ අදහසක් ඇති බවද ඒ සම්බන්ධයෙන් සොයා වගකිව යුත්තන්ට එරෙහිව පියවර ගන්නා ලෙස ද ඇය ඉල්ලා ඇත.

කෙසේ වෙතත්, ඒ පිලිබදව ඇය තම ෆේස්බුක් ගිණුමෙහි සටහනක් තබා ඇත්තේ මෙසේ ය.

"මා පිලිබඳව සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යන ද්වේශ සහගත සහ මුළුමනින්ම අසත්‍ය පුවත්, විශේෂයෙන් මා හට පෞද්ගලිකව ඉලක්ක කරමින් පළ කරන ඒවා පිළිබඳව සී.අයි.ඩී ය (CID) වෙත මා විසින් අද නිල පැමිණිල්ලක් ගොනු කළෙමි.

මෙවැනි පහත් ක්‍රම මගින් කාන්තාවන් දේශපාලනයෙන් ඉවත් කිරීමට උත්සාහ කරන්නේ නම්, අප ඔවුනට කියන්නේ - ඔබලා තවත් උත්සාහ කරන්න! එවැනි අසාර්ථක උපක්‍රමවලින් සාමූහික ව්‍යාපාරයකින් බිහි වුණු රජයක් බිඳ වැට්ටීමට සිතන්නේ නම්, ජීවීත කාලයම උත්සාහ කරන්න!

මෙවැනි දේශපාලනිකව අනාථ වූ කණ්ඩායම් මෙවැනි සිල්ලර කුමන්ත්‍රණවලට වෙර දරන මධ්‍යයේ, අපි අපේ ගමන යන්නෙමු. 😄💪🏻"

You May Like This Video👇 

.

GalleryGallery
ReeCha