එයා හොස්පිටල් එකට ගිහින් කියල මම සමිතාගේ පුතා කියලා වෙලාවකට මට එයා අයියා කෙනෙක් වගේ (PHOTOS)
ලංකාව තුළ නිරතුරු ව ම කතා බහට ලක්වන සහ ආදරය දිනා ගන්න ආදරණීය චරිතයක් තමයි කාවින්ද්‍යා අධිකාරි කියන්නෙ.ඇය ගීත ගායනයටත් රංගනයටත් එක සේ දස්කම් පාන සුන්දර යුවතියක්.
අතුල අධිකාරි සහ සමිතා මුදුන්කොටුව යන දෙපලගේ ආදරයේ ප්‍රතිඵලය වූ කාවින්ද්‍යා ඔවුන්ගේ සංගීත ආභාෂය එලෙසින්ම පවත්වාගෙන යෑම සැබවින්ම ලංකාවේ සංගීත ක්ෂේත්‍රයට මහත් වූ වටිනාකමක් ගෙන දෙන්නක්. ඇයට ෂේන් නමින් ආදරණීය සොයුරෙක් සිටිනවා.ඒ වගේම තමයි ඇයගේ දුකට සැපට වැඩිම වේලාවක් ඇයත් සමඟ රැඳී සිටියේ ඇයගේ ආදරණීය මිත්තණිය යි.
ඇය එක්තරා සාකච්ඡාවකදී පවසා සිටින්නේ ඇයගේ ජීවිතයේ පළමු තැන ලබා දී තිබෙන්නේ ඇයගේ මිත්තණියට බවයි.ඒ නිසාම තමයි මිත්තනියගේ වියෝව ඇයට දරා ගැනීමට අපහසු වූයේ.පසුගියදා එක් වූ එක්තරා මාධ්‍ය සාකච්ඡාවකට සහභාගී වූ ඇය ඇයගේ ජීවන ගමන පිළිබඳව පැවසූයේ මෙවන් දෙයක්. ඇත්තටම මම හිතනවා මම තමයි මේ ලෝකේ ඉන්න වාසනාවන්තම ගෑනු ළමයා කියලා.
මගේ අම්මයි තාත්තයි දෙන්නම කලා ක්ෂේත්‍රය තුළ සිටින දක්ෂ ගායන ශිල්පීන් දෙපලක්.ඉතින් ඒ වගේ ලංකාවම දන්න දෙමව්පියෙක්ගෙ දරුවෙක් වෙන්න ලැබීම ම මට ලැබුණු භාග්‍යයක්.මගේ ජීවිතයේ අත්‍යවශ්‍ය මොහොතවල් වල දී මගෙ ළඟ හිටියේ මගේ අම්මා විතරයි.ඒ නිසා තමයි තාත්තට මගේ ජීවිතයේ තියෙන තැන අම්මාට පසුව තියෙන්නෙ.ඒ වුනාට මම මගේ තාත්තට ගොඩක් ආදරෙයි.
චිරන්ත කියලා කියන්නේ වයසින් බාල උනත් හදවතින් පොහොසත් කෙනෙක්.එයා අපේ පවුල බලාගන්නේ හරි පුදුම විදිහට.එයා ආවට පස්සෙ අපේ පවුලෙ වෙච්ච ලොකුම දේ තමයි මගේ අම්මා එයා හිටපු කාමරෙන් එලියට ඇවිත් ටිකක් active වෙලා ඉන්න එක.එයා ආවට පස්සෙ ගොඩක් දේවල් වෙනස් වුනා.එයා එන්න කලින් මම තනිකරම පිරිමියෙක් වගේ ගෙදර බලාගත්තේ
.ඒ නිසා චිරන්ත ආපු එක මට ලොකු පහසුවක්. මගේ ජීවිතේ මට අමතක නොවන එක් සිදුවීමක් තියෙනවා.දවසක් මම වොෂ් රූම් එකේ වැටිලා තොල පැලිලා පොඩි අවුලක් ගියා.ඒක දැකලා මගේ මල්ලි අඬනවා ඉවරයක් නෑ.මෙයා මාව කොහොමහරි හොස්පිටල් එකට අරන් ගිහින් එයාලට කියලා මං සමිතගේ පුතා,පොඩ්ඩක් බලනවද කියලා.ඔක්කොම ටික සෙට්ල් වුනාට පස්සෙ තමයි එයා අම්මට කියලා තියෙන්නේ
.මට එදා මගේ මල්ලිව ගොඩක් දැනුනා. වෙලාවකට එයා මගේ අයියා වගේ.තාත්තා කෙනෙක්ගේ හිඩැස එයා පිරෙව්ව කියලා හිතෙනවා
යනුවෙන් තමයි ඇය පවසා සිටියේ.තමන්ට ආපු අභියෝග සියල්ලටම ඉතාම ශක්තිමත්ව මුහුණ දුන් අපූරු දියණියක් තමයි කාවින්ද්‍යා කියන්නේ.ඉතිං ඇයගේ සියලුම කටයුතු සාර්ථක වේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.