''ශ්‍රී ලංකා ක්‍රිකට් වැටෙන්නත් ඉවර වෙන්නත් දෙන්නේ නැහැ'' - ක්‍රීඩා ඇමති කෙලින්ම කියයි [VIDEO]

Report

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව යළිත් බලාපොරොත්තු වන ජයග්‍රහණ කරා ගෙන යාම සඳහා අවශ්‍ය වෙනස්කම් සිදුකරන බවත්, ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව බිඳවැටීමට හෝ අවසන් වීමට ඉඩ නොදෙන බවත් ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා පවසයි.

පාර්ලිමේන්තුවේදී සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ වත්මන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ තත්ත්වය සම්බන්ධයෙන් කළ ප්‍රශ්න කිරීමකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා මෙසේ පැවසීය.

“ඔව්, ශ්‍රී ලංකා ක්‍රිකට් මෙතැනින් ඉවර වෙන්නේ නැහැ. ඔබේ ප්‍රශ්නයට සෘජුම පිළිතුර ඒක. ඉවර නොවෙන්න තමයි අපි මේ වෙනකොට ආණ්ඩු ගණනාවකට කරගන්න බැරි වෙච්ච වැඩේ, ක්‍රීඩා... ක්‍රිකට් ක්‍රීඩාව සම්බන්ධයෙන් පනතක් හදලා, ඇක්ට් (Act) එකක් හදලා, ඒ ඇක්ට් එක පාර්ලිමේන්තුවට ගෙනැල්ලා තියෙන්නේ. මම හිතන්නේ කථානායකතුමා අද උදෙත් සඳහන් කළා, ඒක ඊළඟ ස්ටේජ් (Stage) එකේ තියෙන්නේ, පාර්ලිමේන්තුවේ විවාදය සහ අනුමැතියට. මම හිතන්නේ ඔබතුමාලත් එහෙම එකක් ඉල්ල ඉල්ල හිටියා. මොකද මේ ක්‍රිකට් එක හදන්න නම් මේක වෙනස් වෙන්න ඕන කියලා. එතකොට දැන් අපි ඒ වැඩේ කරලා තියෙනවා. ඉතින් මේකට යන කාලයක් තියෙනවා. පාර්ලිමේන්තුවේ ක්‍රියාවලියක් තියෙනවා. ඒක නිසා තමයි මේකට යම්කිසි කාලයක් ගන්නේ. ඒ ක්‍රියාවලිය ඉවර වෙනකොට අපි විශ්වාස කරනවා, ලංකාවේ ක්‍රිකට් එක නැවත අපි බලාපොරොත්තු වෙන ජයග්‍රහණ ලබාගන්න පුළුවන් මට්ටමට හදාගන්න පුළුවන් වෙයි කියලා. ඒ ක්‍රියාවලිය අපේ ආණ්ඩුවෙන් තමයි මන්ත්‍රීතුමා පටන් ගත්තේ. කලින් ආණ්ඩු ගොඩක් ට්‍රයි කළා. ඇමතිවරුන්ට ගෙදර යන්න වුණා. හැබැයි අපිට එහෙම නොවී මම තාම ඉන්නවා. ඇක්ට් එක පාර්ලිමේන්තුවේ තියෙනවා. ඔබතුමන්ලත් ඒකට උදව් කරනවා. ඉතින් අපි මේකෙන් ක්‍රිකට් එක හදාගන්න බලමු ඉස්සරහට. ඕක තමයි මට කියන්න තියෙන්නේ. ක්‍රිකට් එක වැටෙන්න, ඉවර වෙන්න... නැති වෙන්න දෙන්නේ නැහැ.”

කාවන්තිස්ස නැතිව තනිවූ ගල්ගමුවේ අලි රංචුව - හදවත සසළ කරන සංවේදී දර්ශනයක්

කාවන්තිස්ස නැතිව තනිවූ ගල්ගමුවේ අලි රංචුව - හදවත සසළ කරන සංවේදී දර්ශනයක්

දරුණු ලෙස ලංකාවේ මුහුඳ රළු වෙයි - ධීවර සහ නාවික ප්‍රජාවට විශේෂ දැනුම්දීමක්

දරුණු ලෙස ලංකාවේ මුහුඳ රළු වෙයි - ධීවර සහ නාවික ප්‍රජාවට විශේෂ දැනුම්දීමක්