"මගෙ අම්මා ගෙ කුසින් නූපන් එහෙත්, මගේම නංගිගෙ ලස්සනම දවසේ එයා කුමාරිකාවක් වගේ" - නාමල්ගේ සහ රුවන්තිගේ දියණියට ආ අපූරු සුබපැතුම. - (PHOTOS)

SL Actress Gossips Actress
By Wayomi Jul 30, 2024 12:27 PM GMT
Wayomi

Wayomi

Report

පසුගියදා (26) නාමල් උඩුගම සහ රුවන්ති මංගලා කලා තරු දෙපළගේ ආදරණීය දියණිය, දැහැමි උඩුගම විවාහ දිවියට පිවිසුනා.

ඇගේ අතගත් වාසනාවන්තයා වුණේ, ශනාල්.

කලා තරු රැසක් පෑයූ මේ විවාහ මංගල උත්සවයේදී දැහැමි - ශනාල් දෙන්නා සාම්ප්‍රදායික විදියටත්, බටහිර පන්නයටත්, ඉන්දියානු සම්ප්‍රදායටත් සැරසී හරිම අපූරු විවාහ මංගල උත්සවයක් පත්වූවා.

ඉතින් මේ අතර ඔවුන් දෙදෙනාගේ නව දිවියට සුබපැතුම් එක්කාසු කර තබා තිබූ සමාජ මාධ්‍ය සටහන් අතර ලියවුණු ආදරණීයම සටහනක් කවින්ද්‍යාගේ මුහුණු පොතින් දක්නට ලැබුණා.

හදිසියේම පාර්ලිමේන්තුව විසුරුවා හැරීමක්..?

හදිසියේම පාර්ලිමේන්තුව විසුරුවා හැරීමක්..?


''ඊයෙ දවසේ, මූණට කියාගන්න බැරුව ගොඩාක් හැඟීම් හිතේ හිර වෙලා තිබුනේ. ඉතින් මෙසේ සටහනක් ලියන්න හිතුනා...

මගෙ අම්මා ගෙ කුසින් නූපන් එහෙත්, මගේ ම නංගි ගෙ ලස්සනම දවසේ එයා කුමාරිකාවක් වගේ මෙහෙම ඉන්නවා දකිද්දී ඒ ආව හැඟීම කියන්න ඒ වෙලේ වචන තිබුනේ නෑ...

නාමල් උඩුගම uncle, රුවන්ති aunty ගෙ මූණවල් වල තිබුනේ ලොකු ආඩම්බර කමක්, ලොකු දුකක්, ඒ වගේ ම පුදුම ලොකු සතුටක්, ඒ වෙන දේකට නෙමේ... "මෙච්චර ලස්සන, හොඳ දුවෙක් එයාලා බිහි කරා නෙ", කියලා ආව හැඟීමට වෙන්න ඕනේ... ඒ වගේම තමයි, මෙච්චර කාලයක් මලක් වගේ බලාගත්ත මේ ලස්සන කෙල්ල ව වෙන ගෙදරකට යවන්න වෙන නිසා, කියන එක මගේ අදහස...

Shenal මල්ලි ව හම්බුන පළවෙනි දවසේ දැනුන ඒ හැඟීම මයි ඊයේ ඔහු නංගි එක්ක ඉද්දී දැනුනෙත්, "අනේ මගෙ නංගි ව එයා හොඳින් බලගනි යි" කියන දේ...

නාමල් uncle සහ පවුලේ හැමෝම මට මගේ පවුලේ අය වගේම යි... එදත්, අදත්, ඉදිරියට ත් ඒ ආදරය, ගරුත්වය හැමදාටම තියෙනවා.

රන් මිල තවත් අඩු වෙයි.- නව මිල ගණන් මෙන්න.

රන් මිල තවත් අඩු වෙයි.- නව මිල ගණන් මෙන්න.


ඉතින් මගෙ නංගී සහ මල්ලී

අවසන් වශයෙන් මට කියන්න තියෙන්නේ,

අවුරුදු ගානක් රැකගෙන ආව මේ ආදරය හැමදාටම තියාගන්න.

මොන දේ උනත් දෙන්නට දෙන්නා ඉන්නවා කියන දේ හැමතිස්සෙම හිතේ තියාගෙන, මේ ජීවිතේ ලස්සනටම අරං යන්න කියලා මම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා....

ආදරෙයි ගොඩාක්!

කවී අක්කී-''




GalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGallery