සුපිරි නළු ෂාරුක් හදිසි ශල්‍යකර්මයක් සඳහා එක්සත් ජනපදයට. - ඉන්දීය රෝහලකින් කළ ප්‍රතිකාරයක් වැරදිලා?? - (VIDEO)
By Wayomi
ඉන්දීය සුපිරි නළු ෂාරුක් ඛාන් හදිසි අක්ෂි ශල්‍යකර්මයක් සඳහා එක්සත් ජනපදය බලා පිටත්ව යන බව 'The Hindu' ප්‍රමුඛ ඉන්දීය මාධ්‍ය වාර්තා සඳහන් කර තිබුනා.
එම වාර්තා පෙන්වා දෙන්නේ, ෂාරුක් ඛාන් ජූලි 29 වන දින අක්ෂි ආබාධයක් සඳහා මුම්බායි රෝහලකින් ප්‍රතිකාර ලබාගත් බවත් ප්‍රතිකාරය සැලසුම් කළ පරිදි සිදු නොවූ නිසාවෙන් එක්සත් ජනපදය බලා පිටත්ව යන බවයි එම මාධ්‍ය වල සඳහන්ව ඇත්තේ.
කෙසේ වෙතත් ප්‍රතිකාරයේ ස්වභාවය සහ ඔහුගේ තත්ත්වය පිළිබඳ වැඩිදුර තොරතුරු තවමත් වාර්තා වී නොමැත.
ෂාරුක් ඛාන් මීට පෙර අහමදාබාද්හි පැවති ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගයක් අතරතුරත් රෝගීව රෝහල්ගත කරනු ලැබුවා. ඒ පැවති දැඩි උණුසුම හේතුවෙන් ආඝාතයකට (heat stroke) ගොදුරු වීමෙන්.
