පිරිමි දරුවන් දෙදෙනෙක් අපයෝජනය කළ කතරගම විදුහල්පති...

Report

කතරගම ගෝතමීගම මහා විද්‍යාලයේ විදුහල්පතිවරයා විසින් බාලවයස්කාර පිරිමි දරුවන් දෙදෙනකු අපයෝජනය කිරීමේ සිද්ධියකට රක්ෂිත බන්ධනාගාරගත කර සිටි අතර ලබන 04 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස තිස්සමහාරාම මහෙස්ත්‍රාත් හා අතිරේක දිසා විනිසුරු තරංග සමීර සිල්වා ඊයේ (28 වැනිදා) නියෝග කෙරුණි.

ඇෆ්ගනිස්තානයේ ප්‍රභල භුමි කම්පාවක්...

ඇෆ්ගනිස්තානයේ ප්‍රභල භුමි කම්පාවක්...

ඒ අනුව, වාර්තා වන්නේ, සැකකාර විදුහල්පතිවරයා විසින් කලක සිට පාසලේ බාලවයස්කාර පිරිමි සිසුන් දෙදෙනකු බරපතළ ලිංගික අපයෝජනයට ලක් කර ඇති බවයි.

කෙසේ වෙතත්, මෙම අදාළ සිද්ධිය සම්බන්ධයෙන් කතරගම පොලිසියට ලද පැමිණිල්ලකට අනුව කතරගම පොලිසිය හා කොළඹ ළමා ආරක්ෂණ ඒකකයේ නිලධාරීන් එක්ව විදුහල්පතිවරයා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාරගත කෙරුණි.

අයිස් මත්ද්‍රව්‍ය රැගත් පුද්ගලයෙක් අත්අඩංගුවට...

අයිස් මත්ද්‍රව්‍ය රැගත් පුද්ගලයෙක් අත්අඩංගුවට...

ඉන් පසුව ඊට අදාළ නඩුව යළි 28 වැනිදා තිස්සමහාරාම මහෙස්ත්‍රාත් අධිකරණයේ කැඳවූ අතර එහිදී සැකකාර විදුහල්පතිවරයා යළි ලබන මස 04 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණි.

සැකකාර විදුහල්පතිවරයා බන්ධනාගාර නිලධාරීන් විසින් අධිකරණයට රැගෙන එන අවස්ථාවේ දී අගතියට පත් දරුවන්ට සාධාරණය ඉටු කර දෙන ලෙස ඉල්ලා දෙමාපියන් පිරිසක් තිස්සමහාරාම මහෙස්ත්‍රාත් අධිකරණය ඉදිරිපිට නිහඩ විරෝධතාවක් ද පවත්වා ඇත.