කතරගම බස් වර්ජනයෙන් මඟීන් දැඩි අපහසුතාවයක...

Sri Lanka Sri Lanka Bus Strike Strike Sri Lanka Srilanka Bus
By Parami Dissanayake May 28, 2024 03:20 PM GMT
Parami Dissanayake

Parami Dissanayake

Report

අද (28) දිනයේ දී කතරගම බස්නායක නිළමේවරයා විසින් කතරගම බස් නැවතුම් පොළට අයත් භූමියෙන් කොටසක් වෙන්දේසි කර කඩබිම් ඉදිකිරීමට ගෙන ඇති යෝජනාවකට විරෝධය පළකරමින් කතරගම පුද්ගලික හා ලංගම බස් රථ රියදුරන්,ව්‍යාපාරිකයින් පිරිසක් හා ප්‍රදේශවාසින් පිරිසක් එක්ව කතරගම බස් නැවතුම් පොලේ කළු කොඩි ඔසවා බස් රථ ධාවනයෙන් ඉවත්ව විරෝධතාවයක නිරත විය.

පාස්කු ඉරු දින ප්‍රහාරයේ පෙත්සමක් කල් යයි...

පාස්කු ඉරු දින ප්‍රහාරයේ පෙත්සමක් කල් යයි...


එම වැඩ වර්ජනය හේතුවෙන් කතරගම සිට ධාවනය වු සියළුම බස් ගමන් වාර සම්පූර්ණයෙන්ම නවතා දමා තිබුණි. එමෙන් ම, අතර පිට පළාත්වල සිට කතරගමට පැමිණි බස් රථද යළි යාමට නොදි නවතා ගැනිමට විරෝධතා කරුවන් කටයුතු කර ඇත. විරෝධතාවය හේතුවෙන් විදේශිකයන් ඇතුළු විශාල පිරිසක් දැඩි දුෂ්කරතාවයන්ට පත් විණි.

‍පවතින වර්ශාපතනයත් සමඟ එළවලු සහ මාළු මිල ගණන් අහස උසට...

‍පවතින වර්ශාපතනයත් සමඟ එළවලු සහ මාළු මිල ගණන් අහස උසට...

කතරගම ලංගම ඩිපෝවේ නිදහස් සේවක සංගමයේ ලේකම් ජී.ආර්.ජේ.කරුණාරත්න මෙසේ පැවසිය.

''අද අපි මේ පුද්ගලික බස් රථ හා ලංගම බස් රථ එක්ව වැඩ වර්ජනයක් හා විරෝධතාවයක් පැවැත්වුවේ කතරගම බස්නායක නිළමේ වරයා විසින් මෙම කතරගම බස් නැවතුම් පොල ඔහු යටතට ගෙන මෙම බස් නැවතුම් පොලට අයත් භූමියෙන් පර්චස් 100ක පමණ ප්‍රමාණයක් වෙන්දේසි කර කඩ ඉදිකිරිමට හා තවත් කොටසක් කාර් පාක් එකක් සදහා යොදා ගැනිමට තීරණය කර තිබිම නිසා.අපි කියන්නේ මේ බස් නැවතුම් පොලට අත තියන්න එපා කියලයි.දැනට තියෙන මේ භූමියත් ඇත්තටම ප්‍රමාණවත් මදි බස් රථ ගාල් කිරීමට.... අපි අද උදෑසන ඉදන් බස් වර්ජනයක් ආරම්භ කලා.කතරගම බස් නැවතුම් පොලින් කිසිම බස් රථයක් ධාවනය වෙන්නේ නෑ.අපිට නිළමේ වරයා විසින් මෙම භූමිය පවරා ගන්නේ නෑ කියන පොරොන්දුව දෙන තෙක් අපේ වැඩ වර්ජනය අපි නවත්වන්නේ නෑ...''

යනුවෙනි.

ReeCha