මුළු රටම කම්පා කළ තරුණයාගේ අවාසනාවන්ත සමුගැනීම - පොලිස් විමර්ශන ඇරඹේ
තරුණයෙක් විසින් සියදිවි හානිකරගන්නා අයුරු දැක්වෙන ෆේස්බුක් සජීවී වීඩියෝවක් සම්බන්ධව මේ වනවිට මුළු මහත් රටම ආන්දෝලනයට ළක්කර තිබේ.
ඊයේ (12) රාත්‍රියේ තරුණයෙක් විසින් සිය ෆේස්බුක් ගිණුම ඔස්සේ සජීවී වීඩියෝවක් විකාශය වීමට සලස්වා ඔහු ගෙල වැළලාගෙන සියදිවි හානිකර ගන්න අයුරු එම වීඩියෝවෙහි සදහන් වේ.
මෙලෙස සියදිවි හානිකරගෙන ඇත්තේ කරන්දෙණිය, තල්ගවත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි 35 හැවිරිදි තරුණයෙක් බව වාර්තා වේ ඒ අනුව 119 හදිසි ඇමතුම් අංකය වෙත ලැබුණු පැමිණිල්ලක් මත කරන්දෙණිය පොලිසිය මේ සම්බන්ධයෙන් විමර්ශන අරඹා ඇත.
අනේ මගේ පුතේ.. ඒ අම්මගේ වේදනාව මොහොතකට හරි ඇහුවා නම්.. මවගේ විලාප මැද LIVE ඇවිත් සියදිවිනසා ගත් වීඩියෝව සමාජ මාධ්‍ය කළඹයි
සියදිවි නසාගත් තරුණයාගේ දේහය මේ වනවිට ඇල්පිටිය රෝහලේ මෘත ශරීරාගාරයේ තන්පතර ඇති බව සදහන්ය.
මෙම තරුණයා මෙලෙස සියදිවි හානිකර ගැනීම හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බව පොලිසිය වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ .