මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව අසල සැරිසැරූ කපුටන් 22ක් අත්අඩංගුවට.

Government Of Sri Lanka
By Wayomi Dec 24, 2022 07:00 AM GMT
Wayomi

Wayomi

Report

නාරහේන්පිට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවට පැමිණෙන පුද්ගලයන් රවටා ඔවුන්ගේ මුදල් සහ වැදගත් ලිපි ලේඛන සූක්ෂම අයුරින් රැගෙන පලායන සංවිධානාත්මක කල්ලියකට අයත් සාමාජිකයන් 22ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔවුන් සන්තකයේ තිබී රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් නිකුත් කරන විවිධ ලිපි ලේඛන, සමාදාන විනිශ්චකාර බවට හා රාජ්‍ය ආයතනවලට අයත් නිල මුද්‍රා විශාල ප්‍රමාණයක් පොලිස් භාරයට ගෙන ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

මෙම මෙහෙයුම සිදු කර ඇත්තේ, මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවට පැමිණි අවස්ථාවේදී එය ඉක්මනින් ඉටු කර දෙන බව පවසා ප්‍රධාන දොරටුව අසල හමුවූ නාඳුනන පුද්ගලයන් තමන්ගේ මුදල් හා ලිපි ලේඛන රැගෙන අතුරුදන් වූ බවට නාරහෙන්පිට සහ බොරැල්ල පොලිසිවලට දිගින් දිගටම ලැබුණු පැමිණිලි අනුවයි.

මෙම වංචනිකයන්ට වැඩිපුරම ගොදුරු වී ඇත්තේ, දුර බැහැර ප්‍රදේශවලින් පැමිණි පුද්ගලයන් බවයි වාර්තා වන්නේ.   


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 

JOIN NOW