කපිල චන්ද්‍රසේනට ඇප
ශ්‍රීලංකන් ගුවන් සමාගමට එයාර් බස් (Airbus) ගුවන් යානා මිලදී ගැනීමේදී අමෙරිකානු ඩොලර් මිලියන 2ක අල්ලසක් ලබා ගත්තේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි එම සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතා ඇප මත මුදා හැරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (05) නියම කළේය.
කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා විසින් මෙම නියෝගය ප්‍රකාශයට පත් කරන ලදී.
පසුගිය අප්‍රේල් 28 වනදා සැකකරු වෙනුවෙන් ඉදිරිපත් වූ ඇප ඉල්ලීමට අල්ලස් කොමිසම විරෝධය පළ කර තිබූ අතර, දෙපාර්ශවයේම කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා අද දින සිය තීන්දුව ප්‍රකාශයට පත් කළේය.