මහනුවර දැවැන්ත ප්‍රශ්නයක් - හේතුව මෙන්න

Report

මහනුවර, ගඟවට කෝරළය ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ අළුපොතකඩ කන්ද ආශ්‍රිතව නාය යෑමේ ලක්ෂණ මතුව තිබියදී දැවැන්ත හෝටල් ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට එරෙහිව ප්‍රදේශයේ ජනතාව ඊයේ (04) දින විරෝධතාවයක නිරතව ඇත.

ඒ අනුව හෝටල් සංකීර්ණය ඉදි කෙරෙන කඳු ප්‍රදේශය ආශ්‍රිතව මෙන්ම ඊට පහළින්ද පොළොවේ ඉරිතැලීම් දක්නට ලැබෙන බවත් හෝටලයට අයත්ව තිබූ අක්කර 11 ක භූමි ප්‍රමාණය වෙනුවට දැන් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් අක්කර 100 ක් පමණ ඔවුන් බුක්ති විඳින බවත් ඔවුහූ සඳහන් කරයි.

එමෙන්ම හෝටලය ඉදිකිරීමේ නිරතව සිටින පිරිස ගේට්ටුවක් දමා ගම් සභා පාරක්ද අවහිර කර තිබෙන බවත් ඉදි කිරීම් භූමියේ තිබූ වසර සියයක් පමණ පැරණි අම්බලමක් හා කෝවිලක්ද කඩා බිඳ දමා ඇති බවටත් එම ප්‍රදේශවාසින් චෝදනා කරයි.

බෙංගාල බොක්කේ කැළඹීම වැඩි වෙයි - ජනවාරි 08 සිට අනතුරු ඇඟවීම්

බෙංගාල බොක්කේ කැළඹීම වැඩි වෙයි - ජනවාරි 08 සිට අනතුරු ඇඟවීම්

එසේම විරෝධතාවට එක්වූවන් සඳහන් කළේ මෙම ඉදිකිරීම් භූමිය ගඟවට කෝරලය ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයට අයත් වූවද ඔවුන් ඊට අදාළ ලිපි ලේඛන ලබාගෙන ඇත්තේ පාත හේවාහැට ප්‍රාදේශීය සභාවෙන් වීම විමතියට කරුණක් බවයි.

කෙසේ වෙතත් පවතින තත්වය මත මෙම ස්ථානය නාය ගියහොත් කන්දගම, අළුපොතකඩ, මොනරංගල, වතුලියද්ද, සිල්වර්තැන්න, බෝගහලන්ද ඇතුළු ගම්මාන රැසක නිවාස 500 ක පමණ ජීවත් වන දහස් ගණනක් වූ ජනතාවගේ ජීවිත අවදානමට ලක්වන බවත් ඔවුන් අවධාරණය කළා.

සියලු අමාත්‍යාංශ ලේකම්වරුන්ට සහ රාජ්‍ය නිලධාරීන්ට ජනපතිගෙන් දැනුම්දීමක්

සියලු අමාත්‍යාංශ ලේකම්වරුන්ට සහ රාජ්‍ය නිලධාරීන්ට ජනපතිගෙන් දැනුම්දීමක්

මේ අතර විරෝධතාවයට එක්වූ මහනුවර පොදුජන දේපොළ සුරැකීමේ සංවිධානයේ ප්‍රධාන ලේකම් අනුර කුමාර ගෝනාවල මහතා සඳහන් කළේ මෙම නීති විරෝධී ක්‍රියාවට ගඟවට කෝරළය ප්‍රාදේශීය සභාව, පාත හේවා හැට ප්‍රාදේශීය සභාව, මධ්‍යම පරිසර අධිකාරිය, නාගරික සංවර්ධන අධිකාරිය ඇතුළු තවත් වගකිවයුතු ආයතන රැසක් ඍජුවම වගකිව යුතු බවයි.

කෙසේ වෙතත් අඳාළ චෝදනා සම්බන්ධයෙන් තොරතුරු විමසීම සඳහා අදාළ ඉදිකිරීම් භූමිය වෙත ගියද ඊට ඇතුළුවීමට අවසර නොදුන් ආරක්ෂක නිලධාරියෙකු සඳහන් කර තිබුණේ මේ වන විට තාවකාලිකව ඉදිකිරීම් කටයුතු නවතා දමා ඇති බවයි.

මගේ බුරියට ඇගිල්ල ගහලා ඇද්දා පපුවෙන් ඇද්දා කොණ්ඩේ ගලවලා කනට ගැහුවා - සැකකරුවකු යැයි රැගෙන ගිය පුද්ගලයාගෙන් චෝදනා

මගේ බුරියට ඇගිල්ල ගහලා ඇද්දා පපුවෙන් ඇද්දා කොණ්ඩේ ගලවලා කනට ගැහුවා - සැකකරුවකු යැයි රැගෙන ගිය පුද්ගලයාගෙන් චෝදනා