අවදානම් තත්ත්වයක් හේතුවෙන් වසා දැමුණු මහනුවර - මහියංගනය මාර්ගය යළි විවෘත කෙරේ..

By Piyumika Jan 22, 2025 02:49 AM GMT
Report

අවදානම් තත්ත්වයක් හේතුවෙන් ඊයේ (21) පස්වරුවේ වසා දැමුණු මහනුවර මහියංගනය ප්‍රධාන මාර්ගය යළි විවෘත කර තිබේ.

සුප්‍රසිද්ධ හෝටලයක ගින්නක්...මිය ගිය සංඛ්‍යාව ඉහළට...(VIDEO/PHOTO)

සුප්‍රසිද්ධ හෝටලයක ගින්නක්...මිය ගිය සංඛ්‍යාව ඉහළට...(VIDEO/PHOTO)

පසුගිය දිනවල පැවති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මහනුවර මහියංගනය උඩුදුම්බර කහටගොල්ල ප්‍රදේශයෙන් පස් කඳු හා ගල් කඩා වැටීමේ අවදානම් තත්ත්වයක් හේතුවෙන් මාර්ගය වසා දැමීමට පියවර ගත්තේය.

සටන් විරාමය පසෙකලා ඊශ්‍රායලයෙන් මාරක ගුවන් ප්‍රහාරයක්...

සටන් විරාමය පසෙකලා ඊශ්‍රායලයෙන් මාරක ගුවන් ප්‍රහාරයක්...

මහනුවර දිස්ත්‍රික් ලේකම් ඉන්දික උඩවත්ත මහතා සඳහන් කළේ, අවදානම් සහිත තත්ත්වය තවදුරටත් එලෙසම පවතින බැවින් රාත්‍රී කාලයේ ගමන් ගන්නා වාහන හා පුද්ගලයින්ට සිදුවිය හැකි අනතුරු වැළැක්වීම සඳහා රාත්‍රී කාලයේදි මාර්ගය වසා දැමීමට තීරණය කළ බවය.  

You may like this video