ප්‍රධාන මාර්ගයක් හදිසියේම වසා දමයි..ප්‍රදේශ කිහිපයකට දැනුම්දීමක්..!
නුවර - මහියංගණය මාර්ගය කහටගොල්ල ප්‍රදේශයෙන් තාවකාලීකව වසා දැමීමට තීරණය කර ගෙන තිබේ.
එම තීරණය ගෙන ඇත්තේ,කහටගොල්ල ප්‍රදේශයේ 44/1 කිලෝමීටර් කනුව අසල ගල් කඩාවැටීමේ අවධානමක් හේතුවෙනි.
මේ අතර, ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පියවර ගෙන ඇත්තේ, දිස්ත්‍රික්ක කිහිපයක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කිහිපක් සඳහා පූර්ව නායයාම් අනතුරු ඇඟවීම් නිවේදනයක් නිකුත් කිරීමටයි.
එම සංවිධානය පැවසුවේ අද (20) පස්වරු 4.00 සිට හෙට (21) පස්වරු 4.00 දක්වා අදාළ අනතුරු ඇඟවීමේ නිවේදනය ක්‍රියාත්මක වන බවය.
ඒ අනුව මහනුවර දිස්ත්‍රික්කයේ දොළුව, උඩුදුම්බර මාතලේ දිස්ත්‍රික්කයේ රත්තොට, විල්ගමුව, යටවත්ත, උකුවෙල යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා අවදානයෙන් සිටින්න ලෙස අනතුරු අඟවා තිබේ.
මීට අමතරව බදුල්ල දිස්ත්‍රික්කයේ බදුල්ල, පස්සර, හාලිඇල, මහනුවර දිස්ත්‍රික්කයේ මැදදුම්බර, පාතදුම්බර, පන්විල, කුරුණෑගල දිස්ත්‍රික්කයේ රිදීගම, මාතලේ දිස්ත්‍රික්කයේ ලග්ගල පල්ලේගම, අඹන්ගඟ කෝරළය, නාඋල, පල්ලේපොල සහ මාතලේ යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා විමසිලිමත් බවින් සිටින ලෙසත් අනතුරු අඟවා තිබේ.
……………………………………………………………………
You may like this video 👇