නුවර බැතිමතුන්ට ජරා බනිස් - නුසුදුසු ආහාර කිලෝ 360ක් විනාශ කෙරේ

Report

ඇසළ පෙරහර සමයේදී මහනුවර නගරයට පිටත ප්‍රදේශවලින් පැමිණෙන ජනතාවට අලෙවි කිරීම සඳහා සූදානම් කර තිබූ පරිභෝජනයට නුසුදුසු ආහාර ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 360ක් විනාශ කිරීමට මහනුවර නාගරික සෞඛ්‍ය වෛද්‍ය දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇත.

මෙම ආහාර ද්‍රව්‍ය අතර නරක් වූ බනිස් 2000ක් ඇතුළත්ව තිබූ බවත්, ඒවා අලෙවි කළ වෙළෙන්දන් අටදෙනකුට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට පියවර ගත් බවත් නාගරික සෞඛ්‍ය වෛද්‍ය දෙපාර්තමේන්තුව පවසයි.

මහනුවර නාගරික කොමසාරිස් ඉන්දිකා අබේසිංහ මහත්මියගේ උපදෙස් මත, නාගරික සෞඛ්‍ය වෛද්‍ය දෙපාර්තමේන්තුවේ වෛද්‍ය නිලධාරී පසන් පැරකුම් ජයසිංහ මහතා ඇතුළු මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ කණ්ඩායමක් මෙම වැටලීම සිදු කර ඇත.

බො‍රැල්ලේ වෙඩි තැබීමක් - පහකට තුවාල

බො‍රැල්ලේ වෙඩි තැබීමක් - පහකට තුවාල

හිටපු සබරගමු මහ ඇමති මාසිකව ඉන්ධන ලීටර් 4700ක් අරන්

හිටපු සබරගමු මහ ඇමති මාසිකව ඉන්ධන ලීටර් 4700ක් අරන්