හිටපු සබරගමු මහ ඇමති මාසිකව ඉන්ධන ලීටර් 4700ක් අරන්

Report

2014 සහ 2017 වර්ෂවලදී සබරගමුව පළාත් මහ ඇමතිවරයා ලෙස කටයුතු කළ මහීපාල හේරත් මහතා, තමන්ට හිමි ඉන්ධන දීමනාවට අමතරව මාසිකව ඉන්ධන ලීටර් 3000ක් ලබාගෙන ඇති බව කෝපා (පාර්ලිමේන්තුවේ රාජ්‍ය ගිණුම් පිළිබඳ කාරක සභාව) කමිටුවේදී අනාවරණය වී ඇත.

ඔහුට පළාත් ප්‍රධාන අමාත්‍යාංශයෙන් මාසිකව ඉන්ධන ලීටර් 1700ක දීමනාවක් හිමිව තිබූ අතර, එම දීමනාවට අමතරව, සංවර්ධන නිර්මාණ හා යන්ත්‍රෝපකරණ අධිකාරියෙන් ඉන්ධන ලීටර් 1500ක් සහ මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියෙන් තවත් ඉන්ධන ලීටර් 1500ක් ලබාගෙන ඇති බව කෝපා කමිටුව හමුවේ හෙළි විය.

මේ අනුව, මහීපාල හේරත් මහතා සබරගමුව පළාත් මහ ඇමතිවරයා ලෙස කටයුතු කළ සමයේ මාසිකව ඉන්ධන ලීටර් 4700ක් ලබාගෙන ඇති බව අනාවරණය වී ඇත.

බො‍රැල්ලේ වෙඩි තැබීමක් - පහකට තුවාල

බො‍රැල්ලේ වෙඩි තැබීමක් - පහකට තුවාල

‘චිචි රොකට්’ ගැන අගමැතිනි කී කතාව පචයක් - ඇමති වසන්ත ගේම ඉල්ලයි..

‘චිචි රොකට්’ ගැන අගමැතිනි කී කතාව පචයක් - ඇමති වසන්ත ගේම ඉල්ලයි..