බොරැල්ලේ වෙඩි තැබීමක් - පහකට තුවාල
By Shehan
බොරැල්ල, සහස්‍රපුර සිරිසරඋයන මහල් නිවාස සංකීර්ණය ආසන්නයේ අද (07) පස්වරු 8.40ට පමණ වෙඩි තැබීමක් සිදුව ඇති බව පොලීසිය පවසයි.
මෙම වෙඩි තැබීම හේතුවෙන් පුද්ගලයින් පස්දෙනෙකු තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇත.
පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේ, ස්කූටර් වර්ගයේ යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් ටී-56 ගිනි අවියකින් මෙම වෙඩි තැබීම සිදු කර එම ස්ථානයෙන් පළා ගොස් ඇති බවයි.
