එවරස්ට් කන්ද පළමු තරණය කළ කාංචා ෂර්පා ජීවිතක්ෂයට

By Kanchana Oct 17, 2025 11:06 AM GMT
Report

ලොව උසම කන්ද ලෙසින් පිළිගැනෙන අඩි 8,848ක් උස එවරස්ට් කන්ද සාර්ථකව තරණය කළ පළමු ගවේෂණ කණ්ඩායමේ අවසන් සාමාජිකයා වූ නේපාලයේ කාංචා ෂර්පා ඊයේ (16) ජීවිතක්ෂයට පත් වූ බව විදෙස් මාධ්‍ය සදහන් කරයි.

පසුගිය දින කිහිපයේ දී රෝගාතුරව සිටි ඒ මහතා කත්මණ්ඩු නුවර දී ජීවිතක්ෂයට පත්වන විට වයස අවු 92 කි.

එඩ්මන්ඩ් හිලරි සහ ටෙන්සිං නෝර්ගේ නායකත්වයෙන් යුත් 35 දෙනෙකුගෙන් යුත් කණ්ඩායම වර්ෂ 1953 දී ලොව පළමුවරට එවරස්ට් කඳු මුදුන සාර්ථකව තරණය කර ඇත.ඒ වනවිට කාංචා ෂර්පාට වයස අවුරුදු 19කි .

AI නිසා වෙන්න යන නරකම දේ - ලෝකෙටම අසුබ ආරංචියක්

AI නිසා වෙන්න යන නරකම දේ - ලෝකෙටම අසුබ ආරංචියක්

ඒ පොඩි වයසේදී   කදු නැගීම සම්බන්ධව කිසිදු අත්දැකීමක් නොමැති කාංචා ෂර්පා සති දෙකක කාලයක් පුරාවට මේ සදහා සහයකයෙක් විය .එලෙසින් කදු නැගීම ආරම්භ කරන ලදි.

බංග්ලාදේශ හිටපු අගමැතිනි ෂෙයික් හසීනාට මරණ දඬුවම් දෙන්නයි ඉල්ලීමක්

බංග්ලාදේශ හිටපු අගමැතිනි ෂෙයික් හසීනාට මරණ දඬුවම් දෙන්නයි ඉල්ලීමක්

ඉන්පසුව දශක දෙකකට වැඩි කාලයක් ඔහු එවරස්ට් තරණය කරන්නන් වෙනුවෙන් සහාය දක්වා තිබේ.

කාංචා ෂර්පා නේපාල කදු මාර්ගෝපදේශකයන්ගේ පූර්වාදර්ශයක් වුණි .අද වනවිට ඔහු මුළු ලොවටම නොමැකෙන පුරාවෘත්තයක් වී අවසන්ය.