කාමි රීටා ෂර්පාගේ වික්‍රමාන්විතය - 32 වැනි වරටත් එවරස්ට් තරණය කර වාර්තා පොත් අලුත් කරයි
නේපාලයේ සුප්‍රසිද්ධ කඳු නැගීමේ මඟපෙන්වන්නෙකු වන කාමි රීටා ෂර්පා 32 වන වරටත් ලොව උසම කන්ද වන එවරස්ට් මුදුනට පිවිසෙමින් තමන් විසින්ම පිහිටුවා තිබූ ලෝක වාර්තාව යළිත් වරක් අලුත් කර තිබේ .
කාමි රීටා ෂර්පා මේවන විට 56 වැනි වියෙහි පසුවෙයි. ඔහු’14 Peaks Expedition’ ආයතනය යටතේ විදේශීය කඳු නගින්නන් පිරිසකට මඟපෙන්වමින් සිටියදී මීටර් 8,849ක් උසැති මෙම මහා පර්වත මුදුනට ළඟා වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත
1994 වසරේදී සිය ප්‍රථම එවරස්ට් ගමන ආරම්භ කළ කාමි රීටා, එතැන් සිට විවිධ හේතූන් මත සංචාරයන් අත්හිටුවූ වසර කිහිපයක් හැර සෑම වසරකම පාහේ මෙම අසීරු ඉලක්කය ජයගෙන තිබේ .
මෙවර ඔහු පෙරවරු 10:12ට කඳු මුදුනට ළඟා වී ඇති අතර, මීට අමතරව 52 හැවිරිදි ලක්පා (Lakhpa) නමැති ෂර්පා කාන්තාව ද 11 වැනි වරටත් එවරස්ට් ජයග්‍රහණය කරමින් කාන්තාවක විසින් වැඩිම වාර ගණනක් එවරස්ට් තරණය කිරීමේ වාර්තාව තැබීමට සමත් විය.
නේපාලයේ සංචාරක දෙපාර්තමේන්තුව ෂර්පාට අසීරු වූ ජයග්‍රහණය වෙනුවෙන් සහ කඳුකර සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීම සඳහා ඔහුගේ මෙම ක්‍රියාව වෙනුවෙන් සුබ පැතුම් එක් කර ඇත