ජනප්‍රිය සිනමා නළු කමල් අද්දරආරච්චි පාර්ලිමේන්තුවට තරඟ කරන්න සූදානම් වෙයි..ඉදිරිපත් වන පැත්ත ගැන් ඉඟියක්.
යුගයේ අවශ්‍යතාවය අනුව ජනතාවගේ යහපත වෙනුවෙන් ඡන්දයට ඉදිරිපත්වීමට තමා සූදානම් යැයි ජනප්‍රිය සිනමා නළු කමල් අද්දරආරච්චි මහතා ප්‍රධාන පුවත්පතකට පවසා තිබෙනවා.
තමාට ඒ සඳහා හැකියාවක් මෙන්ම සුදුසුකම්ද තිබෙන අතර තමාගේ රසික රසිකාවියන් රටපුරා සිටින බවයි හෙතෙම වැඩිදුරටත් පවසා ඇත්තේ.
ඡන්දයට ඉදිරිපත් වෙන ලෙස තමාගෙන් ඉල්ලීමක් කළහොත් ඕනෑම පළාතකින් හෝ ඒ සඳහා ඉදිරිපත්වීමට හැකි යැයි කී කමල් අද්දරආරච්චි මහතා ජනතා යහපත වෙනුවෙන් ආණ්ඩුවට තුනෙන් දෙකේ බලය ලබාදිය යුතු යැයිද කමල් අද්දරආරච්චි මහතා පවසා ඇත .