කමල් අද්දර ආරච්චිට කරදරයක්?මෙන්න ඇත්තම විස්තරේ

Sri Lankan Actor Gossip Lanka Sinhala news gagana news
By Mithu Aug 13, 2025 05:10 AM GMT
Mithu

Mithu

Report

පුංචි තිරය රිදී තිරය එකසේ ආලෝකමත් කරපු දක්ෂ කලා තරුවක් ලෙස කමල් අද්දර ආරච්චි කලාකරුවා හඳුන්වන්නට පුළුවන්. ඔහු රඟපෑමට පමණක් නොව ගීත ගායනයට නිවේදනයට වැනි අංශවලටත් දක්ෂ ප්‍රවීණයෙක්.

'අනේ මාව ඉස්පිරිතාලෙට ගෙනියන්න කිව්වා'හිටපු මන්ත්‍රී අවසන් හුස්ම හෙළන්නට කලින් කියපු කතාව

'අනේ මාව ඉස්පිරිතාලෙට ගෙනියන්න කිව්වා'හිටපු මන්ත්‍රී අවසන් හුස්ම හෙළන්නට කලින් කියපු කතාව

ඉතින් පසුගියදා කමල් අද්දර ආරච්චි මහතා ඉතාමත් අසාධ්‍ය තත්ත්වය පසුවන වීඩියෝ පටයක් සමාජ මාධ්‍ය පුරාවටම හුවමාරු වුණා.

ඒ නිසාම ඔහුට ආදරේ කරපු බොහෝ රසිකයන් පිරිසක් ඔහු වෙනුවෙන් නිරෝගී සුවය පැතු අතර තවත් පිරිසක් හදවතින්ම දුක්වුණා.

අම්මෝ පියුමිගේ ex බෝයි කරන වැඩ-පියුමිගේ බිස්නස් එකටත් ගහලා?

අම්මෝ පියුමිගේ ex බෝයි කරන වැඩ-පියුමිගේ බිස්නස් එකටත් ගහලා?

ඇත්තටම මේක ඔහු කලින් කරපු රූපගත කිරීමක්.තමන්ගේ ආදරණීය ප්‍රේක්ෂකයන් මේ වීඩියෝ පටය නිසා අපහසුතාවයට පත්වෙලා ඉන්නවද දැකපු කමල් ඒ වෙනුවෙන් සිදු කර තිබුණේ පහත ආකාරයේ ප්‍රකාශයක්.

''මේක සමාජය කළඹන බොරු ආරංචියක්. ඒකට මම ඔබෙන් සමාව අයදිනවා. මට නෙමෙයි ඒ පොස්ට් එක දාපු කෙනාටයි අසනීපය තියෙන්නේ. මට සමාවෙන්න... හැමෝටම ආදරෙයි... මේක ගීතයක රූගත් කිරීමක් අතරතුර ගත්ත වීඩියෝවක්.... මම යළිත් කියනවා...මට සමාවෙන්න ඔබ අපහසුතාවට පත් වුණානම්. මට තේරුනා කොච්චර පිරිසක් මට ආදරේද කියලා.