අම්මෝ පියුමිගේ ex බෝයි කරන වැඩ-පියුමිගේ බිස්නස් එකටත් ගහලා? [PHOTOS]
පියුමි හංසමාලි කියන්නේ කොයි කවුරුත් දන්න බොහෝ දෙනෙක් ආදරය කරන ජනප්‍රිය ව්‍යාපාරිකාවක්. ඉතිං මුලින්ම නිරූපිකාවක් වශයෙන් ක්ෂේත්රයට එන ඇය අද වෙද්දි දක්ෂ ව්‍යාපාරිකාවක් වශයෙන් තමන්ගෙම කියලා රූපලාවන්‍ය ක්‍රීම් අලවිකරණ ව්‍යාපාරයක් පවත්වාගෙන යනවා.
ඉතින් කොයි කවුරුත් දන්න විදිහට පියුමි විවාහ වෙන්න බලාපොරොත්තුවෙන් එකට ජීවත් වුණේ ප්‍රගීත් තනුෂ්ක නැමැති පුද්ගලයෙක් සමඟයි.
ඇය ඔහුත් එක්ක තමයි මේ ක්‍රීම් ව්‍යාපාරය කරගෙන ගියේ. ඇත්තටම ප්‍රගීත් කියන්නෙ පියුමි හම්බවෙන්නත් කලින් ගොඩක් පැහැයෙන් අවර්ණ කෙනෙක් කියලයි පියුමි කිව්වේ.
ඉතින් පියුමිගෙ ක්‍රීම් එක ගාලා ඔහුත් සුදු උනා කියලා කියපු නිසා බොහෝ දෙනෙක් පියුමිගේ ව්‍යාපාරය වටා එකතු වුණා. ටික කාලයක් යද්දී පියුමි වෙන වෙන සම්බන්ධතා තියෙනවා ඇයව රැවැට්ටුවා කියන චෝදනාව මත ඔහුගෙන් ඈත් වෙනවා.
ඒ දේවල් එක්ක දෙන්නට දෙන්නා දෙපැත්තෙ ඉඳගෙන බැන ගද්දී ප්රගීතුත් පියුමිගේ ව්‍යාපාරයම කරන්න පටන් අරන්. ඔහුත් මූණ පැහැපත් කරන ආලේප අලෙවි කරන ව්‍යාපාරයක් පටන් ගෙන.
ඔහු පියුමිගේ ව්‍යාපාරය ගැන පසුගියදා විවේචනාත්මක ස්වරූපයෙන් කතා කරලා තිබුණා. ප්‍රගීත් කියන විදිහට පියුමි පිටකොටුවේ ක්‍රීම් ගෙනල්ලු විකුණන්නේ.
ඒ වගේම මේ ක්‍රීම් කවදාවත් පියුමිවත් ප්රගිත්වත් ගාන් නැහැයිලු.හැබැයි පියුමි නම් මේ චෝදනාව තරයේ ප්‍රතික්ෂේප කරන අතර ප්රගිත් ඇගෙන් වෙන් වුණාට පස්සෙත් ක්‍රීම් මිලදී ගැනීමට මැසේජ් පවා එව්වා කියලත් සඳහන් කරනවා.
කොහොම නමුත් දෙපැත්තකට වෙලා මේ වෙද්දී ජීවත් වන ප්‍රගීත් සහ පියුමි දෙන්නම රූපලාවණ්‍ය ආලේප අළවිකරන ව්‍යාපාරයක් තමයි කරගෙන යන්නේ.








