'අනේ මාව ඉස්පිරිතාලෙට ගෙනියන්න කිව්වා'හිටපු මන්ත්‍රී අවසන් හුස්ම හෙළන්නට කලින් කියපු කතාව

Report

පසු ගිය දින හෝමාගම ප්‍රාදේශිය සභාවේ හිටපු මන්ත්‍රිවරයෙකු වූ ශාන්ත මුදුන්කොටුව හෙවත් බනා නමැති පුද්ගලයාට වෙඩිතබා ඝාතනය කිරීමේ සිදුවීම බොහෝ දෙනෙක් සලිත කළ සිදුවීමක් බවට පත්විය.

මේ අනුව මෙම ඝාතනය ලලිත් කන්නංගර හෙවත් බස් ලලිත් නැමැත්තා විසින් මෙහෙයවා ඇති බවට පොලිසිය සැක කරයි. මීගොඩ - ආටිගල පාර ප්‍රදේශයේදී ඊයේ දහවල් 1.10 ට පමණ මෙම වෙඩිතැබීම සිදුකර තිබුනේ මෝටර් රථයකින් පැමිණි පිරිසක් විසින්.

මෙන්න රජයෙන් සුපිරි වැඩක් බස් වලට AI තාක්ෂණේ - ආයේ නිදාගෙන යනවා බොරු

මෙන්න රජයෙන් සුපිරි වැඩක් බස් වලට AI තාක්ෂණේ - ආයේ නිදාගෙන යනවා බොරු

එම අවස්ථාවේ මියගිය ශාන්ත මුදුන්කොටුව ස්කූටර් වර්ගයේ යතුරුපැදියකින් ගමන්කරමින් සිටි අතර යතුරුපැදිකරුට එක් වෙඩි පහරක් පමණ එල්ල කර ඇති අතර ඒ සමගම ඔහු යතුරුපැදියෙන් බිමට පැන අසල වූ නිවසකට දිවගොස් තිබේ.

 පසුව ඔහු එහි සිටි කාන්තාවකට තමන්ට වෙඩිවැදී ඇති බවත් කඩිනමින් තමා රෝහල්ගත කරන ලෙසත් පවසා ඒ අසලවූ ත්‍රි රෝද රථයකට නැගීමත් සමග ඉන් ඇදවැටී ඇති බවයි වාර්තා වේ.

අද මේ ලග්න හිමිකරුවන්ට විශේෂයි අතමිට සරුවෙලා වස්තුව සැප සම්පත් දොරේ ගලනවා

අද මේ ලග්න හිමිකරුවන්ට විශේෂයි අතමිට සරුවෙලා වස්තුව සැප සම්පත් දොරේ ගලනවා