අපහසුතාවයට පත් සියලුම පාරිභෝගිකයන්ට ලිට්රෝ සමාගමෙන් විශේෂ දැනුම්දීමක් - හෙට සිට රට පුරා බෙදා හැරීමට පියවර
ලිට්රෝ ගෑස් සමාගම මඟින් ලිට්රෝ ගෑස් සිලින්ඩර ලක්ෂ 7ක් හෙට (27) වන විට රට පුරා බෙදා හැරීමට පියවර ගනිමින් ඇති බව දන්වා ඇති බව සඳහන්.
ඒ අනුව ලිට්රෝ ගෑස් ලංකා සමාගම සඳහන් කර ඇත්තේ ලිට්රෝ ගෑස්වලට වෙළෙඳපොළ තුළ පවතින ඉහළ ඉල්ලුම සහ පාරිභෝගික අවශ්යතාව සැලකිල්ලට ගනිමින්, ඉකුත් 22 වැනිදා මෙරටට ළඟා වූ ගෑස් නෞකාව සහ අද (26) පැමිණීමට නියමිත නෞකාවට අමතරව, GOODWILL නෞකාව ද මෙට්රික් ටොන් 3,900ක ගෑස් තොගයක් රැගෙන ඉකුත් ඔක්තෝබර් 24 වැනි දින මෙරටට ළඟා වූ බවයි.
තෙල් ගැන නරක ආරංචියක් - ඊයේ මධ්යම රාත්රියේ සිට ක්රියාත්මක වන පරිදී පෙට්රල් මිල ඉහළට - නවතම මිල ගණන් මෙන්න
එබැවින් ගෑස් බෙදාහැරීම් කඩිනම් කිරීමට සමාගම පියවර ගෙන ඇති බව සඳහන්.
ඒ අනුව ඉදිරි දින කිහිපය තුළ පාරිභෝගිකයන් හට ගෘහස්ථ ගෑස් කිසිදු හිඟයකින් තොරව වෙළෙඳපොළෙන් ලබාගත හැකි බව සමාගම තහවුරු කරන බව වාර්තා වේ.