එළවළු මිල ගණන් අහස උසට - නොවැම්බර් 15 වැනිදායින් පසු බිත්තර සහ කුකුළු මස්වලට වෙන්න යන දේ

Report

පවතින වර්ෂාපතනයත් සමඟ උඩරට සහ පහතරට එළවළු වර්ග කිහිපයක මිල ගණන් ඉහළ ගොස් ඇති බව වාර්තා වේ. ඒ අනුව ඉකුත් සතියේ රුපියල් 350ත් 400ත් අතර මිලක පැවති තක්කාලි කිලෝවක තොග මිල රුපියල් 600ත් 650ත් අතර මිලක් දක්වා ඉහළ ගොස් ඇති බව වාර්තා වන අතර රුපියල් 250ක මිලකට පැවති මාළු මිරිස් කිලෝවක මිල රුපියල් 400ත් 450ත් අතර මිලක් දක්වා ඉහළ ගොස් ඇත.

එසේම රුපියල් 150ක්ව පැවති ගෝවා කිලෝවක තොග මිල රුපියල් 350ක් දක්වා ඉහළ ගොස් ඇති බව සඳහන්.

මේ අතර මැනිං වෙළෙඳපොළ පොදු වෙළෙඳ සමිතියේ හිටපු සංවිධායක අනිල් ඉන්ද්‍රජිත් මහතා, උත්සව සමය ළං වීමත් සමඟ එළවළු මිල තවදුරටත් ඉහළ යා හැකි බව සඳහන් කරන බව වාර්තා වේ.

සුළු මොහොතකට පෙර ලංකාවම සලිත කළ නිවේදනය - අද ගැඹුරු පීඩන අවපාතය නිසා සුළි කුණාටුවක් - හෙට තත්ත්වය තවත් දරුණු අතට

සුළු මොහොතකට පෙර ලංකාවම සලිත කළ නිවේදනය - අද ගැඹුරු පීඩන අවපාතය නිසා සුළි කුණාටුවක් - හෙට තත්ත්වය තවත් දරුණු අතට

“මේ දවස්වල එළවළු මිල වැඩිවීමක් තියෙනවා. ඒකට ප්‍රධානම හේතුව තමයි රටේ පවතින කාලගුණික තත්ත්වය. වැඩිම මිලක් තියෙන්නේ තක්කාලිවලටයි. තොග මිල රුපියල් 600ක් වගේ වෙනවා. ඒ වගේම බෝංචි රුපියල් 400ත් 500ත් අතර මිලක තියෙනවා. කැරට් රුපියල් 200ත් 250ත් අතර මිලක තියෙනවා. ලීක්ස් රුපියල් 200යි. අමුමිරිස් රුපියල් 350ත් 400ත් අතර මිලක තියෙනවා.පහතරට එළවළු මිලත් ඉහළ ගිහින් තියෙනවා. පතෝල කිලෝවක් මේ දවස්වල රුපියල් 400ක පමණ මිලකට අලෙවි වෙනවා. ඒ වගේම වැටකොළු රුපියල් 200ත් 250ත් අතර මිලක තියෙනවා. වට්ටක්කා මිලත් මේ දවස්වල ඉහළ ගිහින් තියෙනවා. කිලෝවක මිල රුපියල් 200 ඉක්මවා තිබෙනවා. කැකිරි සහ පිපිඤ්ඤා වැනි එළවළු පමණයි රුපියල් 100ට අඩු මිලකට තියෙන්නේ. සමස්තයක් වශයෙන් බැලුවහම පසුගිය මාසයට සාපේක්ෂව එළවළු මිල ඉහළ ගිහින් තියෙනවා. කොහොමත් දෙසැම්බර් මාසය වන විට සෑම වසරකම සාමාන්‍යයෙන් එළවළු මිල ඉහළ යාමක් දක්නට ලැබෙනවා. ඒ නිසා ඉදිරියේදී මිල අඩු වීමක් බලාපොරොත්තු වෙන්න බැහැ. මිල තවදුරටත් ඉහළ යා හැකියි.”

තෙල් ගැන නරක ආරංචියක් - ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදී පෙට්‍රල් මිල ඉහළට - නවතම මිල ගණන් මෙන්න

තෙල් ගැන නරක ආරංචියක් - ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදී පෙට්‍රල් මිල ඉහළට - නවතම මිල ගණන් මෙන්න

එසේම සමස්ත ලංකා කුකුළු ව්‍යාපාරිකයන්ගේ සංගමයේ සභාපති අජිත් ගුණසේකර මහතා පවසා ඇත්තේ බිත්තර සහ කුකුළු මස් මිලදී ගැනීම 20%කින් පමණ පහළ ගොස් ඇති බවයි.

ඔහු පෙන්වා දෙන්නේ බිත්තරයක නිෂ්පාදන වියදම රුපියල් 30ත් 32ත් අතර පැවතියද, වර්තමානයේ ගොවිපොළවලින් බිත්තර නිකුත් කරනු ලබන්නේද එම මිල ගණන් යටතේම බැවින් නිෂ්පාදකයන්ට ලාභයක් උපයා ගැනීමට නොහැකි වී ඇති බවයි.

එබැවින් පවතින ආර්ථික තත්ත්වය හමුවේ කුකුළු මස් පරිභෝජනයද අඩු වී ඇතත්, උත්සව සමයේදී වෙළෙඳපොළට අවශ්‍ය බිත්තර සහ කුකුළු මස් කිසිදු හිඟයකින් තොරව අඛණ්ඩව සැපයීමට කටයුතු කරන බව අජිත් ගුණසේකර මහතා පවසන බව සඳහන්.

එසේම නොවැම්බර් 15 වැනිදායින් පසු උත්සව සමය ආරම්භ වීමත් සමඟ මෙම තත්ත්වය යථා තත්ත්වයට පත්වනු ඇති බව ද අපේක්ෂා කරන බව එම සංගමය සඳහන් කරන බව වාර්තා වේ.

තත්ත්වය භයානකයි - දිස්ත්‍රික්ක පහක ප්‍රදේශ රැසකට පළමු සහ දෙවන මට්ටමේ අනතුරු ඇඟවීම්

තත්ත්වය භයානකයි - දිස්ත්‍රික්ක පහක ප්‍රදේශ රැසකට පළමු සහ දෙවන මට්ටමේ අනතුරු ඇඟවීම්

මේ පිළිබඳව අදහස් දැක්වූ අජිත් ගුණසේකර මහතා,

“අද වන විට පාරිභෝගිකයන්ගේ මිලදී ගැනීමේ ශක්තිය අඩු වෙලා තියෙනවා. අපි වෙළෙඳපොළේ සමීක්ෂණයක් කරන විට බිත්තර සහ කුකුළු මස් මිලදී ගැනීම අඩු වී ඇති බව පෙනී යනවා. වෙළෙඳපොළේ පරිභෝජනය 20%කින් පමණ අඩු වී ඇති බව අපට පෙනෙනවා. බිත්තරයක නිෂ්පාදන වියදම සාමාන්‍යයෙන් රුපියල් 30ත් 32ත් අතර වෙනවා. නමුත් අද ගොවිපොළවලින් බිත්තර නිකුත් කරන්නේත් රුපියල් 30ත් 32ත් අතර මිලකටයි. ඒ නිසා නිෂ්පාදකයන්ට ලාභදායී තත්ත්වයක් නැහැ. ඒ වගේම කුකුළු මස් මිලත් අඩු වෙලා තියෙනවා. පවතින ආර්ථික තත්ත්වයත් එක්ක කුකුළු මස් පරිභෝජනය අඩු වී ඇති බවයි අපට පෙනෙන්නේ. නමුත් නිෂ්පාදනය අඛණ්ඩව පවත්වාගෙන යනවා. උත්සව සමයේදී වෙළෙඳපොළට අවශ්‍ය සැපයුම හිඟයකින් තොරව ලබා දෙන්න අපි කටයුතු කරනවා. ඒ නිසා නොවැම්බර් 15 වැනිදායින් පසු උත්සව සමය ආරම්භ වීමත් සමඟ තත්ත්වය නැවතත් සාමාන්‍ය අතට පත්වනු ඇතැයි අපි බලාපොරොත්තු වෙනවා.”

අද මුළු රටම හොයපු ලග්න පලාපල - දවසම සුබ වෙන්නේ මෙහෙමයි

අද මුළු රටම හොයපු ලග්න පලාපල - දවසම සුබ වෙන්නේ මෙහෙමයි