දරුණු වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මිය ගිය ඇඟ කිළිපොලා යන කතාව
කැලණිය, පට්ටිය හන්දියේ සිදුවූ වෙඩි තැබීමකින් 31 හැවිරිදි පුද්ගලයෙකු මිය ගොස් කාන්තාවක් තුවාල ලබා රෝහල් ගත කර ඇති බව පොලිසිය සඳහන් කළා. මියගොස් ඇත්තේ මිනුවන්ගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි පොලිසිය සඳහන් කළේ.
ඔහු තම බිරිඳ සහ අවුරුදු 2ක් වයසැති දරුවා සමග යතුරුපැදියකින් ගමන් කරමින් සිටියදී වෙනත් යතුරුපැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු විසින් වෙඩි තැබීම සිදුකර තිබෙනවා. මෙම වෙඩි ප්‍රහාරයෙන් මාර්ගයෙන් ගමන් කළ කාන්තාවක් ද තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුලත් කර ඇති අතර වෙඩි වැදුණු කුඩා දරුවා ද රිජ්වේ ආර්යා ළමා රෝහලේ ප්‍රතිකාර ලබනවා
. මියගිය පුද්ගලයාගේ මෘත ශරීරය ජාතික රෝහලේ තැන්පත් කර ඇති අතර ඝාතනයට හේතුවක් මෙතෙක් අනාවරණ වී නැහැ. පළාගිය සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා කැළණිය කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාගේ අධීක්ෂණය යටතේ පෑලියගොඩ පොලිසියයි විමර්ශන සිදුකරනු ලබන්නේ.
_________________________________________________
You may like this video?
හිටපු ජනපති මෛත්‍රී ශ්‍රීලනිප සමග රට වෙනුවෙන් කරන්න යන අලුත්ම වැඩේ
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න... |