කහවත්ත පොලිස් ස්ථානාධිපතිට හදිස්සියෙම මාරුවක්
By Kaushi
පහුගිය ජුනි 30 වන දින කහවත්තේදී තරුණයෙක් වෙඩිතබා ඝාතනය කිරීමේ සිද්ධියේ විමර්ශන කටයුතුවලට අඳාළව කහවත්ත පොලිස් ස්ථානාධිපතිවරයාට ස්ථාන මාරුවක් ලබා දී ඇති බව වාර්තා වේ.
ඒ අනුව සඳහන් වන්නේ ඔහුව යාපනය පොලිස් කොට්ඨාශයට මාරුකර ඇති බවයි.
කහවත්ත පොලිස් බල ප්‍රදේශයේ ඇන්දාන කහවත්ත මාර්ගයේ උඩ හවුපේ ප්‍රදේශයේදී වයස අවුරුදු 22 ක තරුණයෙක් ඉකුත් (30) දින රාත්‍රියේ වෙඩ්තබා ඝාතනය කර තිබුණා.
එහිදී අනාවරණ්‍ය වූයේ කිසියම් පිරිසක් එම තරුණයා සිටි නිවසට පැමිණ පැහැරගෙන ගොස්, මෙම වෙඩිතැබීමට සිදුකළ බවයි.
ඒ අනුව අඳාළ සිද්ධියේ විමර්ෂන කටයුතුවලට අදාළව මෙලෙස කහවත්ත පොලිස් ස්ථානාධිපතිවරයා යාපනයට මාරුකර ඇති බවයි.