මධ්‍යම අධිවේගී මාර්ගයේ කඩවත – මීරිගම කොටසේ මේ වන විට තත්වය

Report

මධ්‍යම අධිවේගී මාර්ගයේ කඩවත-මීරිගම කොටසේ ඉදිකිරීම් මේ වන විට 40% කට ආසන්න ප්‍රමාණයක් අවසන් කර තිබෙන බව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක මහතා සදහන් කර තිබේ .

තවද අමාත්‍යවරයා නිලධාරීන්ට උපදෙස් දී ඇත්තේ ඉදිකිරීම් ක්‍රියාවලියේදී කොළඹ-මහනුවර මාර්ගයේ සහ අධිවේගී මාර්ග පිවිසුම් සහ පිටවීමේ ස්ථානවල කලින් හඳුනාගෙන තිබූ රථවාහන තදබදය පිළිබඳ ගැටළු පිළිබඳව දැඩි අවධානයක් යොමු කරන ලෙසත් එමෙන්ම රියදුරන්ට ඇතිවන අපහසුතාවයන් අවම කර ගන්නා ලෙසයි .

ඔහු මෙම අදහස් දක්වා ඇත්තේ මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතියේ පළමු අදියර වන කඩවත-මීරිගම කොටසේ සිදුවෙමින් පවතින සංවර්ධන කටයුතු නිරීක්ෂණය කරමිනි.

රටේම ආන්දෝලනයට තුඩදුන් 6 ශ්‍රේණිය ඉංග්‍රීසි මොඩියුල ගැටලුව පිළිබඳ CID විමර්ශන ඇරඹෙයි

රටේම ආන්දෝලනයට තුඩදුන් 6 ශ්‍රේණිය ඉංග්‍රීසි මොඩියුල ගැටලුව පිළිබඳ CID විමර්ශන ඇරඹෙයි

ව්‍යාපෘතිය සඳහා ගිවිසුම් 2015 දී අත්සන් කළද, ඉදිකිරීම් ආරම්භ වූයේ 2020 දීය.

තවද මේ සම්බන්ධව නිළධාරීන් සදහන් කරේ අසාර්ථක ආර්ථික ප්‍රතිපත්ති හේතුවෙන් ඇති වූ දැඩි ආර්ථික අර්බුදය හේතුවෙන් පසුව වැඩ සම්පූර්ණයෙන්ම ඇණහිට තිබූ බවයි.

 නව රජය පත් කිරීමෙන් පසු, ප්‍රවාහන අමාත්‍යාංශය සහ චීන රජය අතර සාකච්ඡා නැවත ආරම්භ කර තිබේ.

එම සාකච්ජා වල ප්‍රතිඵලයක් ලෙස ඉතිරි වැඩ නිම කිරීම සඳහා ණයක් අනුමත වී ඇත ඒ අනුව ඉන් පසුව 2025 සැප්තැම්බර් 17 වන දින ඉදිකිරීම් කටයුතු නැවත ආරම්භ කරන්නට කටයුතු කර ඇත.   

පැවැත්වීමට නියමිත උසස් පෙළ විභාගය පිළිබඳව දැනුම්දීමක්

පැවැත්වීමට නියමිත උසස් පෙළ විභාගය පිළිබඳව දැනුම්දීමක්