මම සින්දු කිව්වේ නැහැනේ.. සින්දු නොකියා මම කොහොමද සල්ලි ගන්නේ? ෂෝ එක නවත්තද්දී අඬ අඬාම සල්ලි එපා කිව්ව සුජීවා[VIDEO]
ප්‍රසංග වේදිකාවේ ඉන්න ගායිකාවන් අතර ප්‍රසිද්ධ ගායිකාවක් තමයි කේ. සුජීවා කියන්නේ.
ඔන්න ඉතින් එහෙම ගියපු සංගීත ප්‍රසංගයකදී සුජීවා පෙන්වපු ඇගේ අපූර්ව මනුස්සකම ගැන මේ දවස්වල සමාජ මාධ්‍ය පුරාම විවිධ කතා ඇහෙන්න පටන් අරන්.
ආරංචිය විදිහට ප්‍රසංගයට හරිම උද්යෝගයෙන් ගියත්, රාත්‍රී 12.45 විතර වෙද්දී පොලිසියෙන් දැනුම් දීලා තියෙන්නේ ශබ්දය පාලනය කර එම ප්‍රසංගය අවසන් කරන්න කියලයි.
ඒ හින්දා සංවිධායක මණ්ඩලය නීතියට ගරු කරමින් ප්‍රසංගය නතර කරන්න තීරණය කරද්දී, වේදිකාවට ගොඩ වෙන්න සූදානමින් හිටියේ වෙන කවුරුත් නෙවෙයි ගොඩක් අය ආදරය කරන මේ කේ. සුජීවා.
කොහොම වුණත් ඇය සින්දු කියන්න ඇවිත් හිටියත්, වෙලාව අවසන් වීම නිසා ඇයට ගීත ගායනා කරන්න අවස්ථාව ලැබුණේ නැහැ.
ඒ වෙලාවේ සංවිධායක මණ්ඩලය ඇයට නියමිත මුදල් ලබා දෙන්න ඉදිරිපත් වුණත් සුජීවා ඒ හැමෝවම පුදුම කරමින් ඒ මුදල් ප්‍රතික්ෂේප කරා කියලා තමයි ආරංචි ලැබෙන්නේ.
"මම සින්දු කිව්වේ නැහැනේ.. සින්දු නොකියා මම කොහොමද සල්ලි ගන්නේ? මට මේ සල්ලි එපා" කියලා ඇය හඬ හඬාම ඒ මුදල් ප්‍රතික්ෂේප කරා කියලා තමයි කියන්නේ.
සාමාන්‍යයෙන් කලාකරුවෙක් ප්‍රසංගයකට ගිය විට සින්දු කිව්වත් නැතත් නියමිත මුදල ලබා ගැනීම සිරිතක් වුණත්, සුජීවා මෙතනදි බැලුවේ තමන්ගේ අවංකකම සහ මනුස්සකම ගැනයි.
කොහොම වුණත් සංවිධායකයින්ට සිද්ධ වුණු පාඩුව ගැන හිතලා ඇය ගත්තු මේ තීරණය අද කාලේ ඉන්න හැම කලාකරුවෙකුටම ලොකු ආදර්ශයක් කියලා තමයි ගොඩක් අය කියන්නේ.