ලංසාගේ කුඩු ටික වටලද්දි මහින්ද තමයි ගිහිල්ලා බේරගෙන උම්මා දුන්නේ.. මත්ද්‍රව්‍ය ජාවාරමේ ගෝඩ් ෆාදර්ලගේ වර්තමාන පුරුක නාමල් - නි. ඇමති මහින්ද
මත් ජාවරමේ නිරත 'ගෝඩ් ෆාදර්ලා'ගේ වත්මන් පුරුක නාමල් රාජපක්ෂ බවට නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා පවසා තිබෙනවා.
ඔහු සිය කතාව අතරතුර පාර්ලිමේන්තු සභා ගර්භයේ නොසිටි පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ සම්බන්ධයෙන් චෝදනාවක් එල්ල කරමින් නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කර ඇත්තේ, මත්ද්‍රව්‍ය ජාවාරමේ ගෝඩ්ෆාදර්ලාගේ වර්තමාන පුරුක එදින සභාවේ සිටියා නම් ඉතා හොඳ බවයි.
කෙසේ වෙතත් මන්ත්‍රීවරයා සභාවට පැමිණ නොතිබුණේ ක්‍රිෂ් නඩුව සම්බන්ධයෙන් අධිකරණයේ පෙනී සිටීමට තිබූ නිසා බවයි.
රිමාන්ඩ් කරපු රඛිතට රෑට හුස්ම හිර වෙද්දි චරිත්ට හෘද රෝග.. දෙන්නට ඇප ඉල්ලද්දි හිටපු අමාත්‍ය විජේදාසත් කොටු වෙයි.. අල්ලස් ගමනෙදි ඔහුත් ප්ලේන් එකේ
එසේම නියෝජ්‍ය අමාත්‍යවරයා නඩු වාර පැමිණෙන විට ඇතැම් පිරිස් කලබල වන බවද ප්‍රකාශ කළා. එසේම රජය සම්බන්ධයෙන් සිදුකරන විවේචන සහ ලබාදෙන අවවාද පිළිබඳව ද නියෝජ්‍ය අමාත්‍යවරයා මෙහිදී අදහස් පළ කර ඇත.
ඔහු වැඩිදුරටත් සඳහන් කළේ,
"ඒ නිසා කවුරුත් අද කලබල වෙලා ඉන්නවා. එක් කෙනෙක් දෙන්නෙක් නෙවෙයි මේ මත්ද්‍රව්‍ය දේශපාලනයයි දැන් සම්බන්ධයක් නැල්ලු කියලා. සම්බන්ධයක් නැති හින්දද අපේ දිස්ත්‍රික්කයේ ගම්පහ ප්‍රසිද්ධම කුඩු ව්‍යාපාරිකයා මම බය නැතුව කියනවා නිමල් ලංසා, නිමල් ලංසාගේ කුඩු ටික ගෙදර වටලනකොට ඔය වර්තමාන පරපුරේ නාමල් රාජපක්ෂගේ පියා මහින්ද රාජපක්ෂ තමයි ගිහිල්ලා හෙලිකොප්ටරයකින් බේරගත්තෙ. බදාගෙන උම්මා දුන්නේ ඒ දේශපාලන සම්බන්ධ නෙමෙයිද... අද මෙතන හිටියනම් හොඳයි මත්ද්‍රව්‍ය ජාවාරමේ ගෝඩ් ෆාදර්ලගේ වර්තමාන පුරුක මේ සභාවේ අද හිටියනම් හොඳයි මම බැලුවා කථික ලැයිස්තුවේවත් ඉන්නවද කියලා නැහැ කවුද නාමල් රාජපක්ෂ. අද ක්‍රිෂ් නඩුව. නඩු ටික එනකොට කට්ටිය කලබල වෙනව මෙතනට ඇවිත් මොන මොනවා හරි කියනවා. මම දැක්ක ා ආණ්ඩුව ගැනත් බොහෝ අවවාද අනුශාසනා දෙනවා බොහොම හොඳයි. ඒ අවවාද අනුශාසනාවලට ස්තුතියි නමුත් මහත්තුරුවරුනි ඕගොල්ලන්ගේ අවවාද අනුශාසනා ලබන්න තරම් අපි තාම එහෙම තැනකට පත්වෙලා නැහැ.."