කුඩු වැටලීම්වල පළිය ගන්න බන්ධනාගාරය ඇතුළේ දුන් බිහිසුණු ප්‍රහාරය- ඇමැතිවරයා පාර්ලිමේන්තුවේදී කළ ආන්දෝලනාත්මක හෙළිදරව්වක් [VIDEO]
මීගමුව බන්ධනාගාරයේ ඇති වූ ගැටුමට සම්බන්ධ රැඳවියන්ගේ අතට ආයුධ ලැබී තිබූ අතර, ඔවුන් යකඩ ගේට්ටුවක් කඩා ඉන් පිටතට පැමිණ ඇති බව අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා පාර්ලිමේන්තුවේදී අනාවරණය කළේය.
මීගමුව බන්ධනාගාර ගැටුම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් අමාත්‍යවරයා සඳහන් කළේ, මෙම සිද්ධිය කිසිදු අවස්ථාවක රජය විසින් අවතක්සේරු කර නොමැති බවයි.
බන්ධනාගාර යාන්ත්‍රණය කඩාකප්පල් කිරීම ගැටුමට සම්බන්ධ වූ පිරිසේ ප්‍රධාන අරමුණ වී තිබූ බවද ඔහු පැවසීය. අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ, මුලින්ම ප්‍රහාරයට ලක්ව ඇත්තේ නිරායුධ බන්ධනාගාර නිලධාරීන් දෙදෙනෙකු බවත්, ඔවුන් බේරාගැනීම සඳහා අනෙකුත් නිලධාරීන් එම ස්ථානයට ගිය අවස්ථාවේදී බහුතරයක් නිලධාරීන් ගඩොල් සහ පොලුවලින් අමානුෂික ලෙස පහරදීමකට ලක්ව ජීවිතක්ෂයට පත්ව ඇති බවත්ය.
සිද්ධිය සම්බන්ධයෙන් පූර්ණ විමර්ශනයක් සිදු කළ යුතු බව අවධාරණය කළ අමාත්‍යවරයා, මෙම ප්‍රහාරය එල්ල කිරීමට හේතු වූ කරුණු අනාවරණය කර ගැනීම මෙන්ම, සිදුවූ අඩුපාඩු හඳුනාගෙන මෙවැනි සිදුවීම් නැවත ඇති නොවන පරිදි අවශ්‍ය පියවර ගැනීම අත්‍යවශ්‍ය බවද ප්‍රකාශ කළේය.
තව දුරටත් එතුමා සදහන් කළේ මෙවන් අදහසක්
'' මේ සිද්ධිය වෙච්ච වෙලාවෙ ඉදන් නොයෙකු දෙනා නොයෙකුත් කතා කියනවා සමහරු කියනවා ඔය ඉන්නෙ කුඩු කාරයෝ කියලා ඒත් මෙතන බලන්න ඕනේ රැදවියා අහිංසකද කුඩු කාරයාද කියන එක නෙමේ මම කියන්නේ මනුෂ්‍ය ජීවිත මේ විදිහට විනාශ වෙන්න බෑ කියනෙක පමණයි රැදවියාගේ ජීවිතයට තව වටිනාකමකුත් දෙන්න විදිහක් නෑ .නමුත් සිද්ධිය මම පැහැදිළි කරන්නට ඕනේ මේ ගැටුම 5 වෙනිදා තමයි මුලිම රැදවියන් අතර ඇති වුණේ ඒකේදි 35 දෙනෙක් විතර තුවාල ලබනවා රැදවියන් දෙදෙනෙක් මිය යනවා . ඒකට අපි මැදිහත් වුණා ඒක සමනය කරගන්න හැකිවෙනවා .
6 වෙනිදා උදෑසන ඉතාම ක්ෂණිකයෙන් මේ දෙපිරිස අතර නැවත ගැටුමක් නිර්මාණය වෙනවා මේ ගැටුම එන්නේ කුඩු සහ පාතාලෙට සම්බන්ධ දෙපිරිසක් අතර අකමැත්තෙන් වුණත් කියන්න වෙනවා. ඔබ දන්නවා අපි ඇතුළේ කුඩු වගේ දේවල් නවත්වන්න විවිධ නීති රීති දානවා . යම් රැදවියන් මේ සම්බන්ධව තොරතුරු දෙනවා . අන්න එහෙම තොරතුරු දීපු රැදවියෝ තමා ඉස්සරවෙලාම ප්‍රහාරයට ළක් වෙන්නේ .
මෙම ගැටුම මත්ද්‍රව්‍ය හා පාතලේ තොරතුරු දීම නිසා ඇති වූවක් විය හැකියි . මේ දේවල් කමිටුවේ පරීක්ෂණ කරමින් යනවා ඒවා වෙනස් වෙන්න පුළුවන්.
ඔවුන් මුලිනම් පහරදීලා cctv කඩනවා .ලක්ෂ ගානක දේවල් විනාශ කරනවා . බන්ධනාගාරය තුළට නාකොටික් සහ අනීතික දේවල් ඒමට තියෙන යාන්ත්‍රණය කඩාකප්පල් කිරීම ගැටුමට සම්බන්ධ වූ පිරිසේ අරමුණ වෙලා තියනවා කියල පේනවා. ප්‍රහාරයට ලක්ව ඇත්තේ නිරායුධ නිලධාරීන් දෙදෙනෙක්ඔවුන්ව බේරාගැනීමට අනිකුත් නිලධාරීන් එම ස්ථානයට ගොස් නිලධාරීන් ගඩොල් සහ පොලුවලින් අමානුෂික ලෙස පහරකෑමට ලක්වෙලා මියගිහින්.
දිවි හිමිවෙන් රැකියාව කරපු නිලධාරීන්ට මගේ ගෞරවය
යකඩ දොර කඩාගෙන ඔවුන් එතැනින් එළියට එනවා. දැනට තියෙන තොරතුරු අනුව ඔවුන් අතට යම් ආයුධයක් දෙකක් පත්වෙලා තියෙනවා. ඒක කොහොමද වුණේ කියලා විමර්ශනය හරහා හොයනවා. ඒ අවස්ථාවේ දී නිලධාරීන් ආත්මාරක්ෂාවට වෙඩි තබා තියෙනවා. ”