“මේක ඇත්තටම දූෂණයක්” - අධිකරණ පද්ධතියේ වෙනස්කම්වලට එරෙහිව නීතීඥ සංගමයේ සභාපතිගෙන් දැඩි ප්‍රහාරයක්

Report

ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ දැනට පවතින විනිසුරු පුරප්පාඩු පිරවීමට ජනාධිපතිවරයා පියවර නොගැනීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක් බව ශ්‍රී ලංකා නීතීඥ සංගමය ප්‍රකාශ කර තිබේ.

 ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපති, නීතීඥ රජීව් අමරසූරිය මහතා මේ බව සදහන් කළේ රූපවාහිනි වැඩසටනකට එක්වෙම්නිනි සභාපතිවරයා පෙන්වා දුන්නේ ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ දැනට විනිසුරු පුරප්පාඩු අටක් පවතින බවත්, ව්‍යවස්ථාවට අනුව එම තනතුරු සඳහා නම් යෝජනා කිරීම ජනාධිපතිවරයාගේ වගකීමක් වුවද මාස ගණනාවක් තිස්සේ එම පත්කිරීම් මඟහැර සිටීම බරපතළ ගැටලුවක් බවයි.

සුළු මොහොතකට පෙර රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ ඇතුළු තිදෙනා අධිකරණයට

සුළු මොහොතකට පෙර රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ ඇතුළු තිදෙනා අධිකරණයට

  නීතීඥ රජීව් අමරසූරිය මහතා වැඩිදුරටත් සඳහන් කළේ මෙවැනි සංශෝධනයක අවශ්‍යතාවයක් පවතී නම් ඒ පිළිබඳව පළමුව විවෘතව සාකච්ඡා කළ යුතු බවත්, අදාළ යෝජනාව ක්‍රියාත්මක කිරීමට රජයට සැබෑ වුවමනාවක් ඇත්නම් ඊට පෙර සෘජුවම ජනමත විචාරණයකට ගොස් ජනතාවගෙන් අදහස් විමසිය යුතු බවයි

එතුමා තව දුරටත් සදහන් කළේ මෙවන් අදහසක් 

 ''මොකක්ද මේ හදිස්සිය? මේක මේ මීටර් 100 රේස් එකක්නේ දුවන්නේ. එතකොට සති දෙක තුනකට ඉස්සෙල්ලා ආණ්ඩුවේ කවුරුත් කිව්වේ නෑනේ මේක කරනවා කියලා. හැමෝම කිව්වේ එහෙම කතාවක් තියෙනවා, ඇහිලා තියෙනවා, මං හිතන්නේ අධිකරණ ඇමතිතුමාත් එක වෙලාවක කිව්වා දන්නෑ කියලා. ඊට පස්සේ පස්සේ කිව්වා ඒ වගේ කතාවක් තියෙනවා කියලා. ඉතින් කොහෙන්ද මේක ආවේ.. මේක ඇත්තටම දූෂණයක්... අපට වේකන්සීස් අටක් තියෙනවා මේ සුප්‍රීම් කෝර්ට් එකේ. ඒවා පුරවන්නේ නෑ. ඒක අපේ ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක්. ව්‍යවස්ථාව අනුව ජනාධිපතිතුමා නමක් යවන්න ඕනේ. ඉතින් මාස ගාණක් පත් කරන්නේ නෑ කියන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තියෙන වගන්තීන් හා සම්ප්‍රදායත් කඩ කිරීමක්. මේ අවස්ථාවේ ඉල්ලීමක් කරනවා ආණ්ඩුවෙන්, ජනාධිපතිතුමාගෙන් මේ ගැන අයෙත් හිතලා බලන්න. මේක මේ වෙලාවේ අවශ්‍ය දෙයක් නෙවෙයි. වැඩි කරන්න ඕන නම් අපි සාකච්ඡා කරලා බලමු... ජනමත විචාරණයකට තමයි යන්න වෙන්නේ. කෙලින්ම ජනමත විචාරණයකට ගිහිල්ලා ජනතාවගෙන් අහන්න. කවුරු මොකක් කිව්වත් අන්තිමටම බලය තියෙන්නේ ජනතාව අතේ... ඉතින් අපි ජනතාවගෙන් අහමු..''