මෙවර පාර්ලිමේන්තු මැතිවරණයට ප්‍රසිද්ධ මාධ්‍යවේදීන් රැසක් සටනට එයි..එම පිරිස මෙන්න.

Report

ඉදිරි 2024 පාර්ලිමේන්තු මැතිවරණයට ශ්‍රී ලංකාවේ ප්‍රකට මාධ්‍යවේදීන් කිහිප දෙනෙකු තරග කරනවා.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ (SLPP) නියෝජනය කරමින් නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් මැතිවරණයට තරඟ කිරීම සඳහා ක්‍රීඩා මාධ්‍යවේදී සහ ශ්‍රී ලංකා වෘත්තීය ක්‍රීඩා මාධ්‍යවේදීන්ගේ සංගමයේ සභාපති කරුප්පයියා රාමක්‍රිෂ්ණන් නිල වශයෙන් සිය නාමයෝජනා පත්‍රයට අත්සන් තබා ඇත.

ප්‍රකට මාධ්‍යවේදී A.R.V ලොෂාන් ද මනෝ ගනේෂන්ගේ නායකත්වයෙන් යුත් දෙමළ ප්‍රගතිශීලී සන්ධානය (TPA) නියෝජනය කරමින් කොළඹ දිස්ත්‍රික්කයේ සමගි ජන බලවේගයෙන් (SJB) මැතිවරණයට ඉදිරිපත් වේ.

ජනපති අනුර කුමාරගේ ඡායාරූප පළ කරන අයට විශේෂ දැනුම්දීමක්..අදින් පසුව මෙහෙමයි කරන්න වෙන්නෙ.

ජනපති අනුර කුමාරගේ ඡායාරූප පළ කරන අයට විශේෂ දැනුම්දීමක්..අදින් පසුව මෙහෙමයි කරන්න වෙන්නෙ.


ශ්‍රී ලංකා නිදහස් පක්ෂය (SLFP) මතුගම ආසන සංවිධායක කළුතර දිස්ත්‍රික්කයෙන් ප්‍රධාන රූපවාහිනී නාලිකාවක ප්‍රවීණ මාධ්‍යවේදී ශ්‍රීපාල් වන්නිආරච්චි මහතා ගෑස්සිලින්ඩරය ලකුණින් තරඟ කිරීමට ඉදිපත්වී තිබෙනවා.

ශ්‍රීපාල් වන්නිආරච්චි මහතා පාසල් දරුවන් ඇතුළු විශාල පිරිසකට ශ්‍රී ප්‍රජා සංවර්ධන පදනම හරහා ආධාර උපකාර කරනු ලබයි.තවද පාර්ලිමේන්තු මාධ්‍යවේදීන්ගේ සංගමයේ හිටපු සභාපතිවරයෙක් ලෙසද කටයුතු කර ඇති අතර,පාර්ලිමේන්තු වාර්තාකරණයේ වසර 18ක පළපුරුද්දක්ද පවතින මාධ්‍යවේදියෙකි.

මේ අතර කළුතර දිස්ත්‍රික්කයෙන් සමගි ජන බලවේගය (SJB) නියෝජනය කරමින් ප්‍රධාන රූපවාහිනී නාලිකාවක මාධ්‍යවේදී ධනංජය නාරංබැද්ද මහතා ද මැතිවරණයට ඉදිරිපත් වීමට නියමිතය.

තෙල් මිල යළි ඉහළ නගී..නව මිල ගණන් මෙන්න..

තෙල් මිල යළි ඉහළ නගී..නව මිල ගණන් මෙන්න..


මාධ්‍යවේදී මහේෂ් සේනානායක මහතා ද සමගි ජන සන්ධානය නියෝජනය කරමින් ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයට මහනුවර දිස්ත්‍රික්කයෙන් තරග කරයි.

පූජ්‍ය බත්තරමුල්ලේ සීලරතන හිමියන්ගේ නායකත්වයෙන් යුත් මහජන සුබසාධන පෙරමුණ නියෝජනය කරමින් ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී එරන්ද වනිගසේකර මහතා කොළඹ දිස්ත්‍රික්කයෙන් මැතිවරණයට ඉදිරිපත් වෙයි.

මහ මැතිවරණය 2024 නොවැම්බර් 14 දිනට නියමිතයි.